Thursday, September 14, 2017

How to boost your ram card, using pen drive.



පසුගිය ලිපියකින් හාඩ් එකක් මගින් පරිගණකයේ රැම් ධාරිතාවය වැඩිකරගන්නෙ කොහොමද කියල සාකච්ඡා කලා ඔයාලට මතක ඇති. ඉතින් මේ ලිපියෙන් සාකච්ඡා කරන්න යන්නේ USB Drive එකක් , එහෙමත් නැත්තං කවුරුත් දන්න පෙන් (pen) එකක් කොහොමද ram එකක් විදියට පාවිච්චි කරන්නේ කියල.

ඇත්තටම මේක ලේසි වැඩක්.

·        ඉස්සෙල්ලාම ඔයාගෙ Computer එක open කරන් Computer එකට යන්න.



·        Pen එක Right click කරල Properties එකට යන්න.
(පහල පිංතූරෙ Properties මෙනුව තියෙනව.)



·        Properties මෙනුව Tabs කිහිපයක් තියෙනව. මෙතන අංක 01 දීල තියෙන ටැබ් එක ඒ කියන්නෙ Ready Boost කියන ටැබ් එක click කරන්න.

·        අංක 02 විදියට Use this device කියන තැනට රේඩියෝ බටන් එක දාන්න.


·        රේඩියෝ බටන් එක දාපුවාම ඔය පේන විදියට අගයක් වැටෙනව, මෙතන ඔයා රැම් එකට දෙන්න කැමති MB ගාන එහෙම දීල ok කරන්න.

මේ වැඩේට ටික වෙලාවක් යයි.



දැන් පෙන් එක ඇතුලට ගිහින් බලන්න ඔය උඩ තියෙනව වගේ file එකක් පෙන් එක ඇතුලෙත් තියෙයි.

එහෙනම් ඒ වැඩෙත් ඉවරයි.

කලින් ලිපියෙ කියුව වගේම අපි පෙන් එකෙන් ලබාදෙන ඉඩ වෙන වැඩකට පාවිච්චි කරන්න බැහැ.


1 comment:

Thank you for you comment