Thursday, September 14, 2017

How to use USB PEN Drive? pen එකක් use කරන්නේ මෙහෙමයි


මම මේ ලිපියෙන් ඔයාලව දැනුවත් කරන්න යන්නේ ෆ්ලෑෂ් ඩ්‍රයිව්(Flash Drive) එකක් එහෙමත් නැත්නම් පෙන් ඩ්‍රයිව්(Pen Drive) එකක් භාවිතා කරනවිට අපිට වඩාත් වැදගත් වෙන කරුණු කිහිපයක් පිලිබදවයි. ඉතින් මම හිතනවා ඔයාල මේ ලිපිය වැදගත් එකක් වෙයි කියල. ඇත්තට ම අපි pen එකක් පාවිච්චි කරන්නේ අපිට ඕනෑම දත්තයක් පහසුවෙන් එහා මෙහා අරගෙන යන්න පුළුවන් නිසා නේ.

ඔයාල පෙන් එකක් යූස් කරනකොට මොකද කරන්නේ, පෙන් එක ඕපන් කරන්නේ කොහොමද කියල ඇහුවොත් ඔයාල කියයි පෙන් එක ඔටෝ ඕපන්වෙනව කියල එහෙමත් නැත්තන් මයි කම්පියුටර් එකට ගිහින් ඩබල් ක්ලික් කලාම නිකන්ම ඕපන් වෙනව කියල.ඔව් ඒ උත්තරෙත් හරි ඒත් ඇත්තටම පෙන් එකක් ඕපන් කරගන්න විදි කීපයක් තියෙනව.ඉතින් වඩාත්ම ප්‍රසිද්ද ක්‍රම දෙක තමයි උඩින් සදහන් කරල තියෙන්නෙ.

ඉතින් දැන් අපි බලමු නිවැරදිව pen එකක් open කරගන්නේ කොහොමද කියල. මේ ක්‍රමයට අපි කියන්නේ Explore කරනව කියල.

·        Computer වලට යන්න හෝ වින්ඩොස් කී එක ඔබාගෙනම E යතුර ඔබන්න.

·        Computer වල වම් පැත්තේ තියෙන කව්ළුවේ  pc එකේ තියෙන හැම drive එකක්ම පෙන්නනව.එතනින් පෙන් එක ක්ලික් කරන්න.

·        Xp වලදි නම් වින්ඩොස් කී එක ඔබාගෙනම E යතුර press කලාම තමයි Explore එක open වෙන්නේ.

·        වින්ඩොස් 7 / 8 / 10 වලදි නම් අමුතුවෙන්ම Explore කරන්න කියල දෙයක් නෑ.  මොකද open වෙන්නෙම Explore වලින් නිසා.



උඩ පිංතූරය බලන්න. ඔයා ඔය විදියට Explore කරල ඔයාගෙ පෙන් එක open කරනව නම්, පෙන් එක පාවිච්චි කරනව නම්  ඔයාට  වයිරස් වලට බයවෙන්න ඕනෙත් නෑ.

………… ………… …………


ඔන්න ඕපනින් එක නම් ඉවරයි.
දැන් කතාකරන්නේ Safely Remove (සේෆ්ලි රිමූව්) කරන එකේ තියෙන වැදගත්කම මොකක්ද කියන එකයි

අපි පරිගණකයත් එක්ක වැඩ කරද්දී Safely Remove කියන එක කොහොමත් ම මිස් කරනවනේ එහෙමත් නැත්නම් මිස් වෙනවනෙ. ඉතින් මේ වැඩේ සමහරු දන්න්නැතිකමට කරනව ඒ වගේමයි සමහරු දැනගෙනම තියෙන කම්මැලිකමට ම නිකන්ම pen එක ඇදල දානව. ඉතින් මුලින්ම මම Safely Remove  නොකර පෙන් එක ඇදල දැම්මාම වෙනදේ කියන්නම්කො.

පරිගණකය වගේම පෙන් එකත් වැඩකරන්නේ කරන්ට් එකෙන් කියල ඔයාල දන්නවනේ, පරිගණකයේ USB Port එක හරහා තමයි pen එකට කරන්ට් එක ලැබෙන්නේ. ඉතින් අපි Safely Remove  කරන්නෙ නැතිව පෙන් එක එකපාරම ඇදල ගත්තොත් කරන්ට් එක ලීක්(spark) වෙන්න පුළුවන්.

ඉතින් බැරිවෙලාවෙවත් එහෙම කරන්ට් ලීක් එකක් උනොත් ඔයාගෙ පරිගණකයට වගේම පෙන් එකටත් ඒක බලපාන්න පුළුවන්. ඉතින් ඔයා පරිගණකයෙන් pen එකට Data කොපි කරනකොට පෙන් එක ඇදල ගත්තොත් ඩේට වලට හානිවෙනව කියල අමුතුවෙන් ම කියන්න ඕන නෑනේ.

ඒවගේම තමයි Data කොපිකරන්නෙ නැතිවෙලාවක උනත් පරිගණකය සහ පෙන් එක අතර Data හුවමාරුවෙන්න පුළුවන් ඉතින් ඒ වෙලාවෙදි pen එක ඇදල ගත්තත් Data වලට හානිවෙන්න පුළුවන්, ඉතින් ඔයා pen එක Safely Remove  කරන්නෙ නැතිව ගැලෙව්වොත් ඒ දෙකටම හානිවෙන්න පුළුවන්.

ඔයාගේ USB Drive එක Safely Remove කරගන්න ක්‍රම කිහිපයක් තියෙනව

·        පළවෙනි ක්‍රමේ තමයි Task Bar එකෙන් USB එක තෝරල දීල Remove කරන එක.




·       දෙවනි ක්‍රමේ තමයි පරිගණකය ඇතුලින් ඒ කියන්නෙ My Computer වලින් eject කරන එක ඒ කියන්නෙ pen එක right click කරල එතනින් eject කරන එක.




අළුතින් මොන දෙයක් ආවත් පරිගණකය හා පෙන් එක අතර දත්ත හුවමාරු වෙනවිට ඒ කියන්නේ ලයිට්ස් පත්තුවෙනවිට සේෆ්ලි රිමූ නොකර පෙන් එක කවමදාවත්ම ගලවන්න නම් එපා එහෙම කලොත් ඔයාගෙ පරිගණකයටත්, පෙන් එකටත්, දත්ත වලටත් හානිවෙන එක නම් නවත්තන්න බෑ. 

හරියට සේෆ්ලි රිමූ උනාම පහත රූපයේ විදියට Safe To Remove Hardware  කියන pop up මෙනු එක එනව.



මතක ඇතුව  safely remove කරලම පෙන් එක ගලවන්න මතක තියාගන්න. ඒවැඩේ පරිගණකයේත් පෙන් එකේත් දත්තවලත් ආරක්ෂාව සදහා හොදයි.

………… ………… …………


No comments:

Post a Comment

Thank you for you comment