Thursday, September 14, 2017

Hostry of LINUX (Linux ඉතිහාසය කෙටියෙන්)

.





Linux , ඇත්තටම මොකක්ද මේ Linux? කොටින්ම කිවහොත් ලිනක්ස් කියන්නේ විවුර්ත කේත නිදහස් මෙහෙයුම් පද්දතියන් (Free Open Source Operating System) . Windows වලට වඩා ලෝකයේ වැඩිම පිරිසක් මේ Linux මෙහෙයුම් පද්දතිය පාවිච්චියට ගන්නව කීවොත් ඔයාලට පුදුමත් හිතෙයි. ඉතින්,අපිට Linux ගැන කතා කරනවා නම් Unix ගැනත් කථා කරන්නේ නැතිව යන්න නම් බෑ, ඒ ඇයි කියල ඔයාට පස්සෙ තේරෙයි .

දශක  ගනනාවක  ඉදලා බහු භාවිතාය, බහුකාර්ය යෙදීම්, ස්ථාවරබව, පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි සහ බලසම්පන්න ජාලගත කිරීම් සම්බන්ධතාව වැනි මූලික ගුණාංග හේතුවෙන් ජනප්‍රිය වෙච්ච මෙහෙයුම් පද්ධතියක් තමා Unix කියන්නෙ. ඉතින් මේ  කථාව පටන් ගන්නේ 1969න් තමයි. 

ලිනක්ස් පිලිබඳ මෙහෙම පොඩියට කතා කරන එක ටිකක් සාධාරණ නැහැ. නමුත් ලිපියේ මාතෘකාවට අනුව කරුණු කිහිපයකින් ඔයාව දැනුවත් කරන්නම්.

·        AT & T හා Bell පර්යෙෂණාගරායේ පර්යේෂන කරපු ඩෙනිස් රිචේ සහ කෙන් තොම්සන් යන මහත්වරුන් කරපු පර්යේෂනයක ප්‍රතිඵලයක් ලෙස තමා Unix උපදින්නේ.

·        මේ ඩෙනිස් රිචේ කියන්නේ අපි අදටත් භාවිතා කරන C පරිගණක භාෂාව ලෝකෙට හදුන්වාදීපු පුද්ගලයා. කෙන් තොම්සන් විසින් ලියන ලද කේත ඩෙනිස් රිචේ විසින් නැවත C භාෂාවෙන් ලියලා තමා Unix Kernel එක එළිදැක්වෙන්නේ.

·        Kernel එක කියන්නෙ ප්‍රධාන කේත සටහන කියන එක.

·        ඒ කාලයේ අද වගේ මෘදුකාංග මුදලට විකිනීමක් නොතිබුන බැවින් මෙම Unix Kernel එක අධ්යන කටයුතු සදහා විශ්වවිදයාල අතර හුවමාරු කරගනිමින් Unix දිගින් දිගටම සංවර්ධනය වුනා.

·        1991 දි ෆින්ලන්තයේ හෙල්සින්කි විශ්වවිද්යාලයේ දෙවන වසර සිසුවකු වූ ලිනස් ටොර්වල්ඩ්ස් Unix කර්නලය නැවත වෙනස් කර ලියමින් Linux කියන මේ අපූරු මෙහෙයුම් පද්ධතිය ලෝකෙට බිහි කරා.

·        Linux කියන එකේ තේරුම තමයි Linux කියන්නෙ Unix නෙවෙයි කියන එක. Linux INot UniX.

ඉතින්,අදටත් අපි භාවිතා කරන ලිනක්ස් මෙහෙයුම් පද්ධති වල මුල් යුනික්ස් විධාන තියෙනව කියුවොත් නිවැරදියි. ඉතින් මෙතනින්ම පේනව නේද  ලින්ක්ස් සහ යුනික්ස් වල බැදීම. (ලිනක්ස් විධාන පිලිබඳ පසුව සාකච්ඡා කෙරේ)

ඇත්තටම 1990-1991 ගනන්වල  ඉදන් මේ දක්වා ම සුපිරි පරිගණක(Super computer) වල සිට අප භාවිතා කරන පුද්ගලික පරිගණක(Personal computer) දක්වා ලිනක්ස් තම බලය පතුරුවල තියෙනව කීවොත් ඔයා විශ්වාසය කරන එකකුත් නැහැ.ඇත්තම කීවොත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නිපදවන Microsoft සමාගමද Linux මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරනවා.




සැලකිය යුතුයි -
මෙහි සඳහන් ඇතැම් කරුණු අන්තර්ජාලය ඇසුරින් උපුටාගත් බව සලකන්න.


4 comments:

  1. hugak aya linux gena danne na
    vatina post ekak

    ReplyDelete
  2. වට්නා ලිපි පෙළක්,
    දිගටම Updat කරන්න,
    ස්තූතියි.

    ReplyDelete

Thank you for you comment