Tuesday, September 12, 2017

Let's go OEM (ඕනෑම Windows පරිගණකයක් තමාගේ ම නමින් ලියාපදිxචි කරමු.)


ඇත්තටම එහෙම කරන්න පුළුවන්ද? ඒ කොහොමද? වගේ හුගක් ප්‍රශ්ණ ඔයාට එන්න පුලුවන්. ඉතින් මම ඒ ප්‍රශ්ණ වලට දෙන උත්තරය තමා ඔව් අපිට එහෙම කරන්න පුළුවන් කියල.
ඒත් ඒ කොහොමද?

මේ ප්‍රශ්ණයේදී මම හිතනවා ඔයාල දැකල ඇති කියල Alien Ware , Driver pack , Samsung , ATI , NVDIA වගේ Logo වගේම Manufacture Names වගේ හුගක් දේවල්, පරිගණකයේ සිස්ටම් ප්‍රොපර්ටි වල පෙන්නනව. ඉතින් ඔයා ටිකක් හරි ඒ ගැන හොයල බැලුවද?



 හුගක් වෙලාවට ඔයාගෙ පිළිතුර නැහැ කියල නේද, ඒ කොහොම උනත් , ඔයා මොන විදියෙ පිළිතුරක් දුන්නත් මේ ලිපියෙන් බළාපොරොත්තු වෙන්නේ ඒ පිළිබදව ඔයා දැනුවත් කරන්නයි.

ඇත්තටම මේකත් එක්තරා විදියකට හැක් කිරීමක් වගේ තමයි. ඉතින් ඔයාලත් කැමති නැද්ද මේ ක්‍රමය ටිකක් අත්හදා බළන්න.

ඒ දේ මෙහෙමයි වෙන්න, Microsoft Windows කිව්වම මතක්වෙනව මෙහෙයුම් පද්දති (OS) රාෂියක් , ඇත්තම කීවොත් windows XP වල ඉදන් windows 10 මෙහෙයුම් පද්දතිය දක්වා අද හුගක් අය use කරණව කීවොත් මම නිවැරදි කියල හිතනව.

ඉතින් මෙතනදි මම ඒ හැම  ජනේලයක් ගැනම කතා කරන්නට බලාපොරොත්තු වෙනව. කතාව නම් ගොඩක් දිග වැඩිඋණා වගේ ;D එහෙනම් දැන් වැඩේට බහිමු :D

Windows 710



windows vista / 7 / 8 /10 මෙහෙයුම් පද්දති සමග කටයුතු කරනවිට ඔයාට මෙතනදී වින්ඩොස් රෙජිස්ට්‍රරිය සමග කටයුතු කරන්න වෙනව.

හත් ඉලව්වයි! මොකක්ද මේ වින්ඩොස් රෙජිස්ට්‍රරිය කියන්නෙ?

වින්ඩොස් රෙජිස්ට්‍රරිය කියන එකට මම පොඩි උදාහරණයක් දෙන්නම්.ඔයා පාසල් යනවනම් හැමදාම උදේට පන්තියේ නම් ලකුණු කරනව නේද? රැකියාවක් කරනව නම් අත්සන් හෝ ඇහිලි සළකුණු තියනව නේ? අන්න ඒ වැඩේම තමයි  ඔය වින්ඩොස් රෙජිස්ට්‍රරිය කියන එකෙත් වෙන්නෙ. අපි පරිගණකයට ඉන්ස්ටෝල් කරන හැම මෘදුකාxගයක් පිළිබදවම විස්තර මෙතන තියෙනව. ඉතින් අපි ගේම දෙන්න යන්නෙ ඔතෙන්ටම තමයි ;D

එහෙනම් වැඩේට බහිමු.

ඒක කරන්නේ මෙහෙමයි.

මුලින්ම ඔයා පහත තියෙන text ටික ඒ විදියටම නෝට්පෑඩ් (Note pad) වල Copy , Past කරගන්නකෝ.

Windows Registry Editor Version 5.00
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\OEMInformation]
"Logo"="windir\system32\oemlogo.bmp"
"Manufacturer"="My Computers (Microsoft Windows)"
"SupportPhone"="075-4917-581 / 078-3626-581"
"SupportName"="Microsoft Windows"
"SupportURL"=”www.microsoft.com

දැන් වැඩේ පටන්ගනිමු.

Windows Registry Editor Version 5.00
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\OEMInformation]

මේ ටික අනිවර්යෙන්ම තිබිය යුතු අතර පහත සදහන් ඒවා ඔබගේ කැමැත්ත මත වෙනස් කරගත හැකිය.

"Manufacturer"=" My Computers (Microsoft Windows) "
"SupportPhone"=" 075-4917-581 / 078-3626-581 "
"SupportName"=" Microsoft Windows "
"SupportURL"=” www.microsoft.com

ඉහත විස්තර ඔය විදියටම දුන්නොත් මගේ පරිගණකයේ විදියට ප්‍රොපර්ටි එක පෙන්ව යි. (පහත රූපයේ විදියට)



ඉතින් කොහොමද මම ඒක වෙනස් කරගන්නෙ?

උත්තරය සරලයි, මෙතන නිල් පාටින් තියෙන ඒව ඒ විදියටම තියල මේ කොමා  (" ") ඇතුලෙ රතු පාටින් තියෙන ටික ඔයාට කැමති විදියට වෙනස්කරගන්න පුළුවන්

"Manufacturer"=" My Computers (Microsoft Windows) "
"SupportPhone"=" 075-4917-581 / 078-3626-581 "
"SupportName"=" Microsoft Windows "
"SupportURL"=” www.microsoft.com

දැන් වැඩෙන් 90% ක් ඉවරයි.



01) මුලින්ම File ක්ලික් කරන්න.

02) Save As ක්ලික් කරන්න.

03) එන මෙනු එකෙහි ෆයිල් නේම් සදහා Win Hack.reg ලෙසත් ෆයිල් ටයිප් එක සදහා All Files ලෙසත් දෙන්න.

මෙතනදී ඔයාට ෆයිල් නේම් සදහා ඔයා කැමැති නමක් දෙන්න පුළුවන්. ඒත් File Type එක සදහා .REG කියල අනිවාරෙන්ම දෙන්න ඕන. එහෙම නැත්තන් කරපු වැඩෙනුත් වැඩක් නැතිවෙනව. උදාහරණයක් විදියට “(කැමති නමක්).reg” කියල දෙන්න ඕන.



වැඩේ හරියට කරානම් දැන් ඔයවගේ ෆයිල් එකක් හැදෙනව.

04) දැන් තියෙන්නෙ අන්තිම වැඩේ ඔය file එක double click කරල open කරන්න. එතකොට මෙහෙම එකක් එනව. ඒකත් Yes කරන්න.



මෙතනත් OK කරන්න.



දැන් සිස්ටම් ප්‍රොපටි ගිහින් බලන්න. වැඩේ ලස්සනට තියෙයි.

පෝස්ට් එක හොදනම් Comment එකකුත් දාගෙනම යන්න.


ජයවේවා!

9 comments:

  1. එළ මචන් tnx.
    තවත් ඔය වගේම පෝස්ට් දාපන් ,වැඩේ සුපිරී
    සප් එක අපි දෙන්නම්

    ReplyDelete
  2. tava shair parak dannath tebba nm suprrrrr

    ReplyDelete
  3. අනිව බන් මම තවම බ්ලොග් එක පටන් ගත්ත විතරයි. සපෝට් එක ඕන අනිව ආ...
    ඉදිරියේදී ශෙයා කරන්න එහෙමත් සෙට් කරන්නම්.
    තෑන්ක්ස් බොක්කලා

    ReplyDelete
  4. machan oem changer eka easy.3.5 mb.try karanna

    ReplyDelete
    Replies
    1. ඔව් එත් ඊට වඩා මෙ විඩිය හොදයි කියල මම හිතනව. මොකද මෙ සොෆ්ට්වෙරෙ එකක් නෙවෙ

      Delete
  5. it's not working X64. is it true, am i right?
    but good work.

    ReplyDelete
    Replies
    1. let me correct this, The information applying your system, but image is not working to X64 base, and thank you brother.

      Delete

Thank you for you comment