Tuesday, September 12, 2017

Boost your Ram using 6 steps පියවර 06කින් පරිගණකයේ රැම් ධාරිතාව වැඩිකරගනිමු.



            ඔබේ පරිගණකයේ රැම් ධාරිතාවය කොපමණද? ඒ ධාරිතාවය ඔබට ප්‍රමාණවත්ද? ඔව් ඇත්ත වශයෙන්ම ඔබගේ ඇතැම් කටයුතු සදහා කොපමණ ධාරිතාවයකින් යුතු රැම් තිබුණත් ප්‍රමාණවත් නොවන අවස්තා ඔබට ද අත්විදීමට සිදුවුවා විය හැකිය. මෙම ලිපිය මගින් ගෙන එනු ලබනුයේ ඒ සදහා විසදුමකි, ඒ ඔබගේ රැම් හී ධාරිතාවය වැඩිකරගන්නා ආකාරය පිලිබදවය. මෙහි සදහන් කරුණු ඇතැම්විට ඔබ දන්නවාද විය හැකිය. එසේ නමුත් මේ පිලිබදව නොදන්නා අය සදහා මෙම ලිපිය ම විසින් ඉදිරිපත් කරම්.
ඇත්ත වශයෙන්ම මේ සදහා සරල පියවර කිහිපයක් අනුගමනය  කල යුතුව ඇති අතර ඕනෑම වින්ඩොස් මෙහෙයුම් පද්දතියක් සදහා මෙම ක්‍රමය අනුගමනය කල හැකිය.

ü පළමුව පරිගණකයේ වත්කම් කව්ළුව(Windows Property)  වෙත යන්න.

Windows xp මෙහෙයුම් පද්දතිය තුලදී මෙය එකවර ලබාගත හැකි අතර windows 7, 8,10 හීදී මෙය ලබාගත හැක්කේ Property මෙනුවෙහි ඇති Change Setting ක්ලික් කිරීම මගිනි.


ü පහත රූපයෙහි 01 පරිදි Windows Property තුල ඇති Advanced මත ක්ලික් කරන්න.

ü Setting මත ක්ලික් කරන්න.
( පහත රූපයෙහි 02 පරිදි )



ü Setting ක්ලික් කිරීමෙන් පසු ලැබෙන Performance Options මෙනුවෙහි ඇති Advanced මත ක්ලික් කරන්න.
( පහත රූපයෙහි 03 පරිදි )

ü  Virtual Memory යටතේ ඇති Change මත ක්ලික් කරන්න.
 ( පහත රූපයෙහි 04 පරිදි )




ü Virtual Memory හී ඇති Change මත ක්ලික් කලවිට Virtual Memory මෙනුව ලැබෙන අතර මෙහි ඔබගේ අවශයතාවය මත සැකසුම් සිදුකල හැකිය.
( පහත රූපයෙහි 05 පරිදි )


ü දැන් ok බටනය ක්ලික් කරන්න.
( පහත රූපයෙහි 06 පරිදි )



ok බටනය එබීමට ප්‍රථම පරිගණකයේ settings ඉහත රූපයේ 05 පරිදි සකසාගත හැකිය.



එසේත් නැතිනම් Automatically Manage Page File Size For All Drivers හී ඇති කොටු සලකුණ මත හරි ලකුණ දැමීමෙන්ද මෙම ක්‍රියාවලිය සිදුකරගත හැකිය.

·        Restart කිරීම සදහා ඔබගේ අනිමැතිය ඉල්ලන අතර ඒ සදහා අනුමැතිය ලබාදෙන්න.

·        පරිගණකයේ රැම් ධාරිතාවය පිරී ගියවිට හෝ දෝෂ සහිත වූ විට මෙම මෙමරිය  ක්‍රියාත්මක වීමට පටන්ගනී.


·        ඔබ විසින්  රැම් සදහා ලබා දෙන ලද මෙම ඉඩ ප්‍රමාණය වෙනත් කිසිදු කටයුත්ත්ක් සදහා පරිගණකය යොදා නොගන්නා බව සලකන්න.

·        Automatically Manage Page File Size හෝ System Managed Size ලබාදුන් විට හාඩ් එකෙහි රැම් සදහා වන ඉඩ ප්‍රමාණය අවස්තානුකූලව වෙනස් වන අතර ඔබට නිශ්චිත අගයක් ලබාගැනීමට අවශය නම් Custom Size මගින් අවශය අගයන් ලබාදෙන්න.



8 comments:

Thank you for you comment