Showing posts with label Technology. Show all posts
Showing posts with label Technology. Show all posts

Tuesday, June 2, 2020

How to install Windows 10 operating System in Your Desktop or Laptop Computer..


How are you friends

Anyone who doesn't know Windows ...

How to install Windows 10 operating System in Your Desktop or Laptop Computer...
Lets Do it...



https://www.youtube.com/watch?v=SIO-UEbCYMU

Thursday, September 14, 2017

How to speedup your pc? ඔබේ පරිගණකයත් Slow වෙලාද?




පරිගණකයක් හරියට ක්‍රියා නොකිරීම තරම් සිත කුපිත කරවන තවත් කරුණක් නැති තරම්ය. පරිගණක පරිශීලකයන් අතර නිතරම අසන්නට ලැබෙන ප්‍රබලතම ගැටළුවක් තමයි  slow වීම කියන්නේ. ඉතින්, ඔයාටත් මේ ගැටළුවට අනන්තවත් වෙලා ඇති.
පරිගණකයක්  slow වීම සදහා ප්‍රදානතම කරුණු කිහිපයක් ඇති අතර ඒ සඳහා බලපාන ප්‍රදාන කාරණයක් වනුයේ C drive එක full වීමයි. හුගක් වෙලාවට C drive එක full වෙන්නේ අපි install කරන software නිසාම නෙවෙයි කියල ඔයා දන්නවනෙ.
ඒ අපි install කරල තියෙන මෘදුකාංග වල (Tempery Files) තාවකාලික ෆයිල් නිසා තමයි හුගක්ම වෙලාවට  C drive එක පිරෙන්නෙ.
ඉතින් මේ ලිපියෙන් අරගෙන ආවේ ඒ තාවකාලික ෆයිල් වලට විසදුමක්. ඒ  තමයි මේ  CleanUp කියන පොඩි ෆයිල් එක.කරන්න තියෙන්නෙ පොඩි වැඩයි.

·        මුලින්ම Note Pad එක Open කරගන්න.

·        දැන් පල්ලෙහා කොළපාටින් තියෙන text ටික Copy කරගෙන Note Pad එකට Past කරගන්න.
echo off
color b
Title CleanUp  ( Pariganaka Lookayoo.blogspot.com )
del /s /f /q %windir%\temp\*.*
rd /s /q %windir%\temp
md %windir%\temp
del /s /f /q %windir%\Prefetch\*.*
rd /s /q %windir%\Prefetch
md %windir%\Prefetch
del /s /f /q %windir%\system32\dllcache\*.*
rd /s /q %windir%\system32\dllcache
md %windir%\system32\dllcache
del /s /f /q %temp%\*.*
rd /s /q %temp%
md %temp%
cls
echo %%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%
echo                            Pariganaka Lookayoo.Blogspot.Com
echo %%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%
timeout /t 10 /nobreak
·        දැන් File click කරල Save As click කරන්න
(පහත රූපය බලන්න.)


·        එන Save As බොක්ස් එකෙහි File Name සඳහා CLEANUP.BAT ලෙස type කරන්න.

·        Save As Type එක සඳහා All Files ලෙස තෝරා දෙන්න.

·        දැන්  save බටනය click කරන්න


දැන් ඔයාට ඕනම වෙලාවක මේ file එක run කරල තාවකාලික ෆයිල්ස් ඉවත්කරගන්න පුළුවන්.

Tuesday, September 12, 2017

How to Protect Data on your PC? (දත්ත සොරුන්ගෙන් ඔබේ වටිනා දත්ත ආරක්ෂා කරගනිමු)



පරිගණකය පාවිච්චි කරන ඔයාල දැකල තියෙනව නේද පරිගණකය ඇතුලෙ විවිද ආකාරයේ ෆයිල්ස් , ෆෝල්ඩර්ස් එහෙම තියෙනව. ඔව් ඔයාල අනිවාර්යයෙන්ම දැකල තියෙනව. හුගක් වෙලාවට ඔයාල ඒ තියෙන ෆෝල්ඩර්ස් වලට යන්න උත්සහ කරන්න ඇති , ඔයාලට යන්න බැරිවෙන්නත් ඇති. ඉතින් ඒක එහෙම නේද?

යන්න බැරිවුන ෆෝල්ඩර්ස් ඩබල්ක්ලික් කලාම සමහරවිට පහත රූපයේ විදියට Error message එකක් එන්නත් ඇති.



හුගක් වෙලාවට ඔය පණිවිඩය එන්නේ සිස්ටම් ෆෝල්ඩර් හෙවත් පද්දති ගොනු වලට යද්දි තමයි. ඒත් මෙතන විශේෂත්වය තමයි මේ පණිවිඩය ආවේ සිස්ටම් ෆෝල්ඩර් එකකින් නෙවෙයි. ඒ මම නිර්මාණය කරපු " පරිගණක ලෝකයෝ " කියන ෆෝල්ඩර් එකෙන්.
මේ වැඩෙන් ඔයාලගෙ වටිනා දත්ත සහිත ගොණු ලේසියෙන් ම ආරක්ෂා කරගන්නත් පුළුවන්. එහෙනම් දැන් වැඩේට බහිමු.

1 - ඉස්සෙල්ලම කරන්න ඕන start මෙනු එකෙ හරි run එකේ හරි CMD කියල ටයිප් කරල enter කරන එක.

 එතකොට පල්ලහා රූපෙ විදියට කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක open වෙනව.



2 - දැන් මේ විදියට කෝඩ් එක ලියන්න ඕන.

cacls d:\test /p everyone:n

මතක තියාගන්න, මෙතන රතු පාටින් තියෙන ටික විතරක් ඔයාට වෙනස් කරන්න පුලුවන් ඒ තමයි ඔයාට ආරක්ෂා කරගන්න ඕන ෆෝල්ඩර් එක තියෙන තැන  ටයිප් කරන තැන.
උදාහරණයක් විදියට මම මෙතන දීල තියෙන්නෙ " D කියන ඩ්‍රයිව් එක ඇතුලෙ තියෙන test කියන ෆෝල්ඩර් එක "



3 - මෙතනදි  ඔයා දුන්නු පාත් එක තහවුරු කරන්න Y අකුර ටයිප් කරල එන්ටර් කරන්න.



Y අකුර ටයිප් කරල එන්ටර් කලාම Processed dir: d:\test කියල එනව. ඒ කියන්නෙ ඔයා දීපු පාත් එක ප්‍රොසෙස් වෙලා ඉවරයි කියන එක.

4 - ඕන නම් ඔයාට පුළුවන් ඔයා කරපු වැඩේ හරිගියාද නැත්ත කියල බලාගන්න.
ඒකට ක්‍රම 02ක් තියෙනව

1)    cd d:\test ටයිප් කරල enter press කරල කමාන්ඩ් එකක් විදියට යන්නත් පුළුවන්.

2)     computer ගිහින් double click කරල බලන්නත් පුළුවන්.




ඔන්න දැන් ආරක්ෂා කරගන්න වැඩේ නම් ඉවරයි. ;D  .

දැන් අපි බලමු ඔයා දීපු ආරක්ෂාව ඉවත් කරන්නේ කොහොමද කියල.

ඉතින් ඒකටත් අපි උඩින් ටයිප් කලා වගේ කෝඩ් එක ලියන්න ඕන.



1 - දැන් මේ විදියට කෝඩ් එක ලියන්න.

cacls d:\test /p everyone:f

කලින් කියුව විදියටම මෙතන රතු පාටින් තියෙන ටික විතරක් වෙනස් කරන්න. එතනට ඔයා ලොක් කරපු ෆෝල්ඩර් පාත් එක ඒ කියන්නෙ ලොක් කරපු ෆෝල්ඩර් එක තියෙන තැන ටයිප් කරන්න.

2 - Y අකුර ටයිප් කරල එන්ටර් කරන්න.

දැන් ඔයාගෙ වැඩේ ඉවරයි.

විශේශයෙන් දෙයක් කියන්න තියෙනව. ඒ තමයි මම මෙතන උදාහරණයක් විදියට ගත්තෙ D කියන drive එක විතරයි. ඒ උනාට ඔයාට ඔයා කැමැති ඕනම drive එකක් සදහා ඒ කියන්නෙ ඔයාගෙ අවශයතාවය සදහා මේ ක්‍රමේ යොදාගන්න පුළුවන්.

මේ පෝස්ට් එක ගැන ඔයාගෙ අදහසුත් තියෙනව නම් කමෙන්ට් එකකින් දාගෙනම යන්න. වැරදි තියෙනව නම් නිවැරදි කරන්න. ඇත්තටම ඒක ලොකු උදව්වක්.


ජයවේවා !