Monday, September 18, 2017

Let's download Linux distro (ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ලබා ගන්නා ආකාරය)






මොකක්ද මේ ඩිස්ට්‍රෝ...?

ඩිස්ට්‍රෝ? මොකක්ද දෙයියනේ ඒ? ඔයාට ඔය නම දැකපු ගමන් ඔහොම හිතෙන්න පුළුවන්. බයවෙන්න එපා මෙතන අමුතු දෙයක් නෑ... මෙතන ඩිස්ට්‍රෝ කියන්නෙත් මෙහෙයුම් පද්ධතිය කියන එකම තමයි. වින්ඩොස් වලදි අපි මෙහෙයුම් පද්ධතිය , OS කියන වචනයම තමයි ලිනක්ස් වලදි ඩිස්ට්‍රෝ කියල කියන්නෙත්.

ලිනක්ස් ගැන කතාකරන විට අපිට මෙහෙයුම් පද්දති හෙවත් ඩිස්ට්‍රෝ කිහිපයක් පිළිබඳව සඳහන් කරන්නම ඕන. ඒ අතරිනුත් ප්‍රධාන වශයෙන් කතාබහ කරන මෙහෙයුම් පද්දති ඒ කියන්නෙ ලිනක්ස් ඩිස්ට්‍රෝ තියෙනව...
ඔව් , එහෙම කියුව ගමන් ඔයාගෙ මතකෙට එන්නේ  Linux සහ  Ubuntu කියන මෙහෙයුම් පද්දති දෙක ගැන නේද?
ඔව් ඇත්තෙන්ම මම මේ කතා කරන්නෙත් ඒ ගැන තමයි
ඇත්තෙන්ම ලිනක්ස් සහ උබුන්ටු යන ඩිස්ට්‍රෝ ගත්කල මෙම ලිපිය රචනා කරන අද වන විට සංස්කරණයන් රාශියක් එළිදක්වා ඇති අතර උබුන්ටු ඩිස්ට්‍රෝවෙහි 17.4 වෙනි සංස්කරණයත් ලිනක්ස් මින්ට් ඩිස්ට්‍රෝවෙහි සංස්කරණ 18.2  දක්වාත් නිකුත් කර ඇත.

උබුන්ටු ලබා ගන්නා ආකාරය…

පහල ඇති  මේ ලිංක් එකෙන් ඔයාට අවශ්‍ය උබුන්ටු සංස්කරණය තෝරා ගන්න පුළුවන්.




ලිනක්ස් මින්ට් ලබා ගන්නා ආකාරය…

පහල ඇති  මේ ලිංක් එකෙන් ඔයාට අවශ්‍ය ලිනක්ස් මින්ට් සංස්කරණය තෝරා ගන්න පුළුවන්.




ඉදිරි කටයුතු සදහා ඉහත ලින්ක් මගින් ඔබේ ඩිස්ට්‍රෝව ලබාගන්න.


Why Linux is so good






There are many reasons to choose Linux as your operating system. Keep reading the article ... and you'll understand…

Get it for free ...

If you're using a commercial operating system like Windows, you might say I'm not paying for Windows. Do you think the story is true?
Imagine you're using a desktop, laptop, or laptop that comes with Windows, rather than a computer. Or are you somebody who used a cracked operating system.
If Linux offers you everything for free, why pay? Why steal?


Forget the virus…

Have you formatted your computer multiple times because of viruses?
Try it out. 99.99% of the existing computer viruses are viruses that affect Windows. So you don't have to worry about this computer virus since you came to Linux ...
You can forget about the viruses ...

No need for new computers…

If you want to use the new Windows operating system, you have to update your existing computer, or delete it.
So why is that?
The reason is that Windows requires the latest hardware to run the new system. Just a little example ...
Let's say you have a Pentium 3 or a Pentium 4 computer. So you want to install it on Windows 8 or 10. Can you say it yourself? Whatever you are, can p3 / p4 put Windows 10 on it? No ...
So, what's more, it's the finish line.
But in Linux this is not the problem. Because Linux is designed to be compatible with any computer ...

Drivers don't need ...

This is a problem with most Windows computers.
Do you find drives in Windows?
But the problem with this driver is that there is no Linux in this ...
Because all of the drivers we use frequently are on Linux,


No need to look for software…

In Windows you have problems with software ... nobody can say if you want new software, a crack, you don't have to carry around a hard, pen. Because everybody knows that.
But in Linux it's not ...
Because in the Linux system, all the essential software is included. Or you can get the software you want with just one click.

Can work with Windows software ...

If you already have special Windows software that you can't afford, you can get rid of them in Linux. Or you can use the software that you use on Windows.

You can also change whatever you want ...

Unlike Windows, Linux is a free and open-source operating system that you can customize and use to suit your needs.

Computer speed and stability and reliability…

A computer with a Linux system is faster, more stable, and more reliable than a computer with a Windows system.

Being able to work in multiple sites instead of multiple windows ...

On a computer with a Windows system you can work with a lot of people on one desktop. But on a computer with Linux, you can work from a few desktops to a whole host of different desktops. Simply put, this desktop can work on several Windows computers.

Get all the advice for free ...

They're ready to tell you anything for free on Linux, unlike Windows. Imagine that you can find out everything you need to know how to work in Linux and how to change the Linux kernel.



There are many more reasons to switch to Linux. So take a good look. Make the right decision for yourself. Join with Linux.

----------------------------------------------------------------------------------------------
ඇයි ලිනක්ස් මෙච්චර හොඳ?

ලිනක්ස් ඔබගේ මෙහෙයුම් පද්ධතිය ලෙස තෝරා ගැනීමට හේතු බොහෝමයක් තියෙනවා. ලිපිය දිගටම කියවන්නකෝ... එතකොට ඔයාටම තේරෙයි…

නොමිලේ ම ලබාගන්න පුළුවන්...

ඔයා වින්ඩොස් වගේ වාණිජමය මෙහෙයුම් පද්ධතියක් පාවිච්චි කරනව නම් මම නම් වින්ඩොස් වලට ගෙවලා නෑ කියනව වෙන්න පුළුවන්. ඔයාම හිතල බලන්න ඒ කතාව ඇත්තද කියල.
ටිකක් හිතන්න,ඔයා පාවිච්චි කරන්නේ වින්ඩොස් සමගම ආපු ඩෙක්ස්ටොප්,ලැප්ටොප් එකක් නම් පරිගණකයේ ගානට වඩා වින්ඩොස් වලට ගෙවපු කෙනෙක්. එහෙමත් නැත්ත්ං ඔයා කවුරුහරි ක්‍රැක් කරපු ඒ කියන්නේ මංකොල්ලකාපු මෙහෙයුම් පද්ධතියක් පාවිච්චි කරන කෙනෙක්.
ලිනක්ස් ඔයාලට නොමිලේ සෑමදෙයක්ම ලබාදෙනව නම් ඇයි මුදල් ගෙවන්නේ? ඇයි හොරකන් කරන්නේ?


වෛරස්  අමතක ම කරන්න…

වයිරස් නිසා ඔයා ඔයාගෙ පරිගණකය කීපාරක් නම් ෆෝමැට් කලාද?
චුට්ටක් හිතල බලන්න. දැනට තියෙන පරිගණක වයිරස් වලින් 99.99% ම තියෙන්නේ  වින්ඩොස් වලට බලපාන වයිරස් තමයි. ඉතින් ඔයා ලිනක්ස් වලට ආපු දවසෙ ඉදන් මේ පරිගණක වයිරස් ගැන වදවෙන්න ඕනෙම නෑ...
ඔයාට පුළුවන් කරදරකාරී වයිරස් ගැන අමතක ම කරන්න...

අළුත් පරිගණක ඕනේ  නෑ…

වින්ඩොස් වල අලුත් මෙහෙයුම් පද්දතියක් එනකොට ඔයාට එ අළුත් වින්ඩොස් මෙහෙයුම් පද්දතිය පාවිච්චි කරන්න ඔන නම් හුගක් වෙලාවට ඔයාගෙ දැන් තියෙන පරිගනකය අප්ඩේට් කරන්න වෙනව,නැත්තං අයින් කරන්න වෙනව ඒ කතාව ඇත්ත නේද?
ඉතින් ඇයි එහෙම වෙන්නේ?
හේතුව තමයි වින්ඩොස් නව පද්ධතිය ක්‍රියාත්මකවීම සදහා ඉල්ලන්නේ අළුත්ම දෘඪාංග. පොඩි උදාහරණයක් එහෙමත් දෙනංකෝ...
අපි හිතමු ඔයා ලග තියෙනව කියල පෙන්ටියම් 3 නැත්තං පෙන්ටියම් 4 වර්ගයේ පරිගණකයක්. ඉතින් ඔයාට ඕන ඒකට වින්ඩොස් 8 හෝ 10 වගේ මෙහෙයුම් පද්ධතියක් දාන්න. ඔයාම කියන්න, දාන්න පුළුවන්වෙයිද? ඔයා මොනවගේ වැඩ්ඩෙක් උනත්  p3 / p4 එකකට වින්ඩොස් 10 දාන්න පුළුවන්ද? බෑ නේ...
ඉතින් තව මොන කතාද ගේම එතනින්ම ෆිනිෂ්.
ඒත් ලිනක්ස්වලදි නම් ඔය ප්‍රශ්නය නෑ. මොකද ලිනක්ස් මෙහෙයුම් පද්දති ඕනෑම පරිගණකයකට ගැලපෙන විදියට තමයි නිර්මාණය කරල තියෙන්නේ...

ඩ්‍රයිවස් ඕනෙත් නෑ...

හුගක් වින්ඩොස් පරිගණක වලත් තියෙන ගැටලුවක් තමයි මේ ඩ්‍රයිවස් ප්‍රශ්ණය.
වින්ඩොස් වලදී ඔයාට ඩ්‍රයිවස් හොයල හොයල හතිවැටිල ඇති නේද?
ඒත් ඔය ඩ්‍රයිවස් ප්‍රශ්ණය නම් මේ ලිනක්ස් වලදි ඇත්තෙම නෑ...
මොකද අපි නිතර පාවිච්චි කරන සියලුම ඩ්‍රයිවස් ලිනක්ස්වල තියෙන නිසා..


මෘදුකාංග හොයන්න ඕනෙත් නෑ

වින්ඩොස් වලදී ඔයාට මෘදුකාංග පිළිබඳව ප්‍රශ්න තියෙනවනේ... අළුත් මෘදුකාංගයක්, ක්‍රැක් එකක් එහෙම ඕන උනොත් හාඩ් එකක්, පෙන් එකක් උස්සගෙන වටේයන්න වෙලා නෑ කියන්න කාටවත් බෑ. මොකද එහෙම වෙනව කියල කවුරුත් දන්නව.
ඒත් ලිනක්ස් වලදී නම් එහෙම වෙන්නේ නෑ...
මොකද ලිනක්ස් වල පද්දතිය තුලම අත්‍යවශ්‍ය මෘදුකාංග අන්තර්ගත කරල තියෙනව. එහෙමත් නැත්තං එක ක්ලික් එකකින් අවශ්‍ය මෘදුකාංග ගන්න පුළුවන් විදියට සකස්කරල තියෙනව.

වින්ඩොස් මෘදුකාංග සමගත් කටයුතු කරන්න පුළුවන්...

ඔයාට දැනටමත් අතඇරගන්න බැරි විශේෂ වින්ඩොස් මෘදුකාංග තියෙනවා නම් ඒවට විකල්පත් ලිනක්ස් වල තියෙනවා. එහෙමත් නැත්නම් වින්ඩොස් වල ඔයා පාවිච්චි කල මෘදුකාංග භාවිතා කරන්නත් ලිනක්ස්වල පහසුකම් සලසල තියෙනව.

අවශය විදිහට ඕනෑ දෙයක් වෙනස් කරමින් වැඩ කරන්නත් පුළුවන්...

වින්ඩොස් වගේ නෙවෙයි, ලිනක්ස් කියන්නෙ නිදහස් සහ විවුර්තකේත මෙහෙයුම් පද්දතියක් නිසා ඔයාගේ අවශ්‍යතා සඳහා ගැලපෙන විදියට ඔයාට කැමති ආකාරයකට පද්දතිය වෙනස්කරගන්නත්,පාවිච්චි කරන්නත් පුළුවන්.

පරිගණකයේ වේගය සහ ස්තාවරත්වය සහ විශ්වාසයනීයත්වය

වින්ඩොස් පද්ධතියක් ඇති පරිගණකයකට වඩා ලිනක්ස් පද්ධතියක් ඇති පරිගණකයක්  වේගය අතින් , ස්තාවරත්වය අතින් සහ විශ්වාසය අතින් ඉහලය.

කවුළු රාශියක් වෙනුවට වැඩබිම් කිහිපයක වැඩ කිරීමට හැකිවීම...

වින්ඩොස් පද්ධතියක් ඇති පරිගණකයක වැඩකටයුතු සිදුකල හැක්කේ එක් ඩෙක්ස්ටොප් එකක් මත කව්ළු රාශියක් භාවිතා කරගෙනය. නමුත් ලිනක්ස් පද්දතියක් ඇති පරිගණකයක ඩෙක්ස්ටොප් කිහිපයක සිට ඒ එක් එක් ඩෙක්ස්ටොප් එකකට අදාලව කව්ළු රාශියකින් වැඩකල හැකිය. සරලව කිවහොත් වින්ඩොස් පරිගණක කිහිපයක කටයුතු මෙම ඩෙක්ස්ටොප් මගින් සිදුකරගතහැකිය.

සියළුම උපදෙස් නොමිලේම ලබාගත හැකිවීම...

වින්ඩොස් වල වගේ නෙවෙයි ලිනක්ස් වලදී ඔයාට ඕනම දෙයක් නොමිලේම කියාදෙන්න මොවුන් සූදානම්. මෙහෙම හිතන්නකො ඔයාට ලිනක්ස්වල වැඩකරන විදිය වගේම ලිනක්ස් කර්ණලය වෙනස්කිරීම දක්වා වූ ඕනෑම දෙයක් නොමිලේම දැනගන්න පුළුවන්.



ලිනක්ස් වලට මාරුවෙන්න නම් මේ වගේ තවත් හේතු ගොඩක් තියෙනව. ඉතින් හොඳට හිතල බලන්න. හරි තීරණයක් ඔයත් අරගන්න. ලිනක්ස් සමග එකතුවෙන්න.


Thursday, September 14, 2017

How to speedup your pc? ඔබේ පරිගණකයත් Slow වෙලාද?




පරිගණකයක් හරියට ක්‍රියා නොකිරීම තරම් සිත කුපිත කරවන තවත් කරුණක් නැති තරම්ය. පරිගණක පරිශීලකයන් අතර නිතරම අසන්නට ලැබෙන ප්‍රබලතම ගැටළුවක් තමයි  slow වීම කියන්නේ. ඉතින්, ඔයාටත් මේ ගැටළුවට අනන්තවත් වෙලා ඇති.
පරිගණකයක්  slow වීම සදහා ප්‍රදානතම කරුණු කිහිපයක් ඇති අතර ඒ සඳහා බලපාන ප්‍රදාන කාරණයක් වනුයේ C drive එක full වීමයි. හුගක් වෙලාවට C drive එක full වෙන්නේ අපි install කරන software නිසාම නෙවෙයි කියල ඔයා දන්නවනෙ.
ඒ අපි install කරල තියෙන මෘදුකාංග වල (Tempery Files) තාවකාලික ෆයිල් නිසා තමයි හුගක්ම වෙලාවට  C drive එක පිරෙන්නෙ.
ඉතින් මේ ලිපියෙන් අරගෙන ආවේ ඒ තාවකාලික ෆයිල් වලට විසදුමක්. ඒ  තමයි මේ  CleanUp කියන පොඩි ෆයිල් එක.කරන්න තියෙන්නෙ පොඩි වැඩයි.

·        මුලින්ම Note Pad එක Open කරගන්න.

·        දැන් පල්ලෙහා කොළපාටින් තියෙන text ටික Copy කරගෙන Note Pad එකට Past කරගන්න.
echo off
color b
Title CleanUp  ( Pariganaka Lookayoo.blogspot.com )
del /s /f /q %windir%\temp\*.*
rd /s /q %windir%\temp
md %windir%\temp
del /s /f /q %windir%\Prefetch\*.*
rd /s /q %windir%\Prefetch
md %windir%\Prefetch
del /s /f /q %windir%\system32\dllcache\*.*
rd /s /q %windir%\system32\dllcache
md %windir%\system32\dllcache
del /s /f /q %temp%\*.*
rd /s /q %temp%
md %temp%
cls
echo %%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%
echo                            Pariganaka Lookayoo.Blogspot.Com
echo %%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%
timeout /t 10 /nobreak
·        දැන් File click කරල Save As click කරන්න
(පහත රූපය බලන්න.)


·        එන Save As බොක්ස් එකෙහි File Name සඳහා CLEANUP.BAT ලෙස type කරන්න.

·        Save As Type එක සඳහා All Files ලෙස තෝරා දෙන්න.

·        දැන්  save බටනය click කරන්න


දැන් ඔයාට ඕනම වෙලාවක මේ file එක run කරල තාවකාලික ෆයිල්ස් ඉවත්කරගන්න පුළුවන්.

How to use USB PEN Drive? pen එකක් use කරන්නේ මෙහෙමයි


මම මේ ලිපියෙන් ඔයාලව දැනුවත් කරන්න යන්නේ ෆ්ලෑෂ් ඩ්‍රයිව්(Flash Drive) එකක් එහෙමත් නැත්නම් පෙන් ඩ්‍රයිව්(Pen Drive) එකක් භාවිතා කරනවිට අපිට වඩාත් වැදගත් වෙන කරුණු කිහිපයක් පිලිබදවයි. ඉතින් මම හිතනවා ඔයාල මේ ලිපිය වැදගත් එකක් වෙයි කියල. ඇත්තට ම අපි pen එකක් පාවිච්චි කරන්නේ අපිට ඕනෑම දත්තයක් පහසුවෙන් එහා මෙහා අරගෙන යන්න පුළුවන් නිසා නේ.

ඔයාල පෙන් එකක් යූස් කරනකොට මොකද කරන්නේ, පෙන් එක ඕපන් කරන්නේ කොහොමද කියල ඇහුවොත් ඔයාල කියයි පෙන් එක ඔටෝ ඕපන්වෙනව කියල එහෙමත් නැත්තන් මයි කම්පියුටර් එකට ගිහින් ඩබල් ක්ලික් කලාම නිකන්ම ඕපන් වෙනව කියල.ඔව් ඒ උත්තරෙත් හරි ඒත් ඇත්තටම පෙන් එකක් ඕපන් කරගන්න විදි කීපයක් තියෙනව.ඉතින් වඩාත්ම ප්‍රසිද්ද ක්‍රම දෙක තමයි උඩින් සදහන් කරල තියෙන්නෙ.

ඉතින් දැන් අපි බලමු නිවැරදිව pen එකක් open කරගන්නේ කොහොමද කියල. මේ ක්‍රමයට අපි කියන්නේ Explore කරනව කියල.

·        Computer වලට යන්න හෝ වින්ඩොස් කී එක ඔබාගෙනම E යතුර ඔබන්න.

·        Computer වල වම් පැත්තේ තියෙන කව්ළුවේ  pc එකේ තියෙන හැම drive එකක්ම පෙන්නනව.එතනින් පෙන් එක ක්ලික් කරන්න.

·        Xp වලදි නම් වින්ඩොස් කී එක ඔබාගෙනම E යතුර press කලාම තමයි Explore එක open වෙන්නේ.

·        වින්ඩොස් 7 / 8 / 10 වලදි නම් අමුතුවෙන්ම Explore කරන්න කියල දෙයක් නෑ.  මොකද open වෙන්නෙම Explore වලින් නිසා.



උඩ පිංතූරය බලන්න. ඔයා ඔය විදියට Explore කරල ඔයාගෙ පෙන් එක open කරනව නම්, පෙන් එක පාවිච්චි කරනව නම්  ඔයාට  වයිරස් වලට බයවෙන්න ඕනෙත් නෑ.

………… ………… …………


ඔන්න ඕපනින් එක නම් ඉවරයි.
දැන් කතාකරන්නේ Safely Remove (සේෆ්ලි රිමූව්) කරන එකේ තියෙන වැදගත්කම මොකක්ද කියන එකයි

අපි පරිගණකයත් එක්ක වැඩ කරද්දී Safely Remove කියන එක කොහොමත් ම මිස් කරනවනේ එහෙමත් නැත්නම් මිස් වෙනවනෙ. ඉතින් මේ වැඩේ සමහරු දන්න්නැතිකමට කරනව ඒ වගේමයි සමහරු දැනගෙනම තියෙන කම්මැලිකමට ම නිකන්ම pen එක ඇදල දානව. ඉතින් මුලින්ම මම Safely Remove  නොකර පෙන් එක ඇදල දැම්මාම වෙනදේ කියන්නම්කො.

පරිගණකය වගේම පෙන් එකත් වැඩකරන්නේ කරන්ට් එකෙන් කියල ඔයාල දන්නවනේ, පරිගණකයේ USB Port එක හරහා තමයි pen එකට කරන්ට් එක ලැබෙන්නේ. ඉතින් අපි Safely Remove  කරන්නෙ නැතිව පෙන් එක එකපාරම ඇදල ගත්තොත් කරන්ට් එක ලීක්(spark) වෙන්න පුළුවන්.

ඉතින් බැරිවෙලාවෙවත් එහෙම කරන්ට් ලීක් එකක් උනොත් ඔයාගෙ පරිගණකයට වගේම පෙන් එකටත් ඒක බලපාන්න පුළුවන්. ඉතින් ඔයා පරිගණකයෙන් pen එකට Data කොපි කරනකොට පෙන් එක ඇදල ගත්තොත් ඩේට වලට හානිවෙනව කියල අමුතුවෙන් ම කියන්න ඕන නෑනේ.

ඒවගේම තමයි Data කොපිකරන්නෙ නැතිවෙලාවක උනත් පරිගණකය සහ පෙන් එක අතර Data හුවමාරුවෙන්න පුළුවන් ඉතින් ඒ වෙලාවෙදි pen එක ඇදල ගත්තත් Data වලට හානිවෙන්න පුළුවන්, ඉතින් ඔයා pen එක Safely Remove  කරන්නෙ නැතිව ගැලෙව්වොත් ඒ දෙකටම හානිවෙන්න පුළුවන්.

ඔයාගේ USB Drive එක Safely Remove කරගන්න ක්‍රම කිහිපයක් තියෙනව

·        පළවෙනි ක්‍රමේ තමයි Task Bar එකෙන් USB එක තෝරල දීල Remove කරන එක.




·       දෙවනි ක්‍රමේ තමයි පරිගණකය ඇතුලින් ඒ කියන්නෙ My Computer වලින් eject කරන එක ඒ කියන්නෙ pen එක right click කරල එතනින් eject කරන එක.




අළුතින් මොන දෙයක් ආවත් පරිගණකය හා පෙන් එක අතර දත්ත හුවමාරු වෙනවිට ඒ කියන්නේ ලයිට්ස් පත්තුවෙනවිට සේෆ්ලි රිමූ නොකර පෙන් එක කවමදාවත්ම ගලවන්න නම් එපා එහෙම කලොත් ඔයාගෙ පරිගණකයටත්, පෙන් එකටත්, දත්ත වලටත් හානිවෙන එක නම් නවත්තන්න බෑ. 

හරියට සේෆ්ලි රිමූ උනාම පහත රූපයේ විදියට Safe To Remove Hardware  කියන pop up මෙනු එක එනව.



මතක ඇතුව  safely remove කරලම පෙන් එක ගලවන්න මතක තියාගන්න. ඒවැඩේ පරිගණකයේත් පෙන් එකේත් දත්තවලත් ආරක්ෂාව සදහා හොදයි.

………… ………… …………