.
Linux , ඇත්තටම
මොකක්ද මේ Linux? කොටින්ම කිවහොත්
ලිනක්ස් කියන්නේ විවුර්ත කේත නිදහස් මෙහෙයුම් පද්දතියන් (Free Open Source Operating System) . Windows වලට වඩා ලෝකයේ වැඩිම පිරිසක් මේ Linux මෙහෙයුම් පද්දතිය පාවිච්චියට ගන්නව කීවොත්
ඔයාලට පුදුමත් හිතෙයි.
ඉතින්,අපිට Linux ගැන කතා කරනවා නම් Unix ගැනත් කථා කරන්නේ නැතිව යන්න නම් බෑ,
ඒ ඇයි කියල ඔයාට පස්සෙ තේරෙයි .
දශක ගනනාවක ඉදලා බහු භාවිතාය, බහුකාර්ය යෙදීම්, ස්ථාවරබව, පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි සහ බලසම්පන්න ජාලගත කිරීම්
සම්බන්ධතාව වැනි මූලික ගුණාංග හේතුවෙන් ජනප්‍රිය වෙච්ච මෙහෙයුම් පද්ධතියක් තමා Unix කියන්නෙ. ඉතින් මේ කථාව පටන් ගන්නේ 1969න් තමයි.
ලිනක්ස්
පිලිබඳ මෙහෙම පොඩියට කතා කරන එක ටිකක් සාධාරණ නැහැ. නමුත් ලිපියේ මාතෘකාවට අනුව කරුණු කිහිපයකින් ඔයාව දැනුවත් කරන්නම්.
·
AT
& T හා Bell පර්යෙෂණාගරායේ පර්යේෂන කරපු ඩෙනිස් රිචේ සහ කෙන් තොම්සන් යන මහත්වරුන් කරපු පර්යේෂනයක ප්‍රතිඵලයක්
ලෙස තමා Unix
උපදින්නේ.
·
මේ
ඩෙනිස් රිචේ කියන්නේ අපි අදටත් භාවිතා කරන C පරිගණක භාෂාව ලෝකෙට හදුන්වාදීපු
පුද්ගලයා. කෙන් තොම්සන් විසින් ලියන
ලද කේත ඩෙනිස් රිචේ විසින් නැවත C භාෂාවෙන් ලියලා තමා Unix Kernel එක එළිදැක්වෙන්නේ.
·
ඒ
කාලයේ අද වගේ මෘදුකාංග මුදලට විකිනීමක් නොතිබුන බැවින් මෙම Unix Kernel එක අධ්යන කටයුතු සදහා විශ්වවිදයාල අතර
හුවමාරු කරගනිමින් Unix
දිගින් දිගටම සංවර්ධනය වුනා.
·
1991
දි ෆින්ලන්තයේ හෙල්සින්කි විශ්වවිද්යාලයේ දෙවන වසර සිසුවකු වූ ලිනස් ටොර්වල්ඩ්ස් Unix කර්නලය නැවත වෙනස් කර ලියමින් Linux කියන මේ
අපූරු මෙහෙයුම් පද්ධතිය ලෝකෙට බිහි කරා.
·
Linux කියන එකේ
තේරුම තමයි Linux කියන්නෙ Unix නෙවෙයි කියන එක. Linux Is Not UniX.
ඉතින්,අදටත් අපි භාවිතා කරන
ලිනක්ස් මෙහෙයුම් පද්ධති වල මුල් යුනික්ස් විධාන තියෙනව කියුවොත් නිවැරදියි. ඉතින් මෙතනින්ම පේනව නේද ලින්ක්ස් සහ යුනික්ස් වල බැදීම.
(ලිනක්ස් විධාන පිලිබඳ පසුව සාකච්ඡා කෙරේ)
ඇත්තටම 1990-1991 ගනන්වල ඉදන් මේ දක්වා ම සුපිරි පරිගණක(Super computer) වල සිට අප භාවිතා කරන පුද්ගලික පරිගණක(Personal computer) දක්වා ලිනක්ස් තම බලය පතුරුවල තියෙනව කීවොත් ඔයා විශ්වාසය කරන එකකුත් නැහැ.ඇත්තම කීවොත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නිපදවන Microsoft සමාගමද Linux මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරනවා.
සැලකිය යුතුයි -
මෙහි සඳහන් ඇතැම් කරුණු අන්තර්ජාලය
ඇසුරින් උපුටාගත් බව සලකන්න.
hugak aya linux gena danne na
ReplyDeletevatina post ekak
eka aththa admin.
Deletecommen ekt tnx.
Nice work
ReplyDeleteWelldone
වට්නා ලිපි පෙළක්,
ReplyDeleteදිගටම Updat කරන්න,
ස්තූතියි.