Monday, September 18, 2017

Let's download Linux distro (ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ලබා ගන්නා ආකාරය)






මොකක්ද මේ ඩිස්ට්‍රෝ...?

ඩිස්ට්‍රෝ? මොකක්ද දෙයියනේ ඒ? ඔයාට ඔය නම දැකපු ගමන් ඔහොම හිතෙන්න පුළුවන්. බයවෙන්න එපා මෙතන අමුතු දෙයක් නෑ... මෙතන ඩිස්ට්‍රෝ කියන්නෙත් මෙහෙයුම් පද්ධතිය කියන එකම තමයි. වින්ඩොස් වලදි අපි මෙහෙයුම් පද්ධතිය , OS කියන වචනයම තමයි ලිනක්ස් වලදි ඩිස්ට්‍රෝ කියල කියන්නෙත්.

ලිනක්ස් ගැන කතාකරන විට අපිට මෙහෙයුම් පද්දති හෙවත් ඩිස්ට්‍රෝ කිහිපයක් පිළිබඳව සඳහන් කරන්නම ඕන. ඒ අතරිනුත් ප්‍රධාන වශයෙන් කතාබහ කරන මෙහෙයුම් පද්දති ඒ කියන්නෙ ලිනක්ස් ඩිස්ට්‍රෝ තියෙනව...
ඔව් , එහෙම කියුව ගමන් ඔයාගෙ මතකෙට එන්නේ  Linux සහ  Ubuntu කියන මෙහෙයුම් පද්දති දෙක ගැන නේද?
ඔව් ඇත්තෙන්ම මම මේ කතා කරන්නෙත් ඒ ගැන තමයි
ඇත්තෙන්ම ලිනක්ස් සහ උබුන්ටු යන ඩිස්ට්‍රෝ ගත්කල මෙම ලිපිය රචනා කරන අද වන විට සංස්කරණයන් රාශියක් එළිදක්වා ඇති අතර උබුන්ටු ඩිස්ට්‍රෝවෙහි 17.4 වෙනි සංස්කරණයත් ලිනක්ස් මින්ට් ඩිස්ට්‍රෝවෙහි සංස්කරණ 18.2  දක්වාත් නිකුත් කර ඇත.

උබුන්ටු ලබා ගන්නා ආකාරය…

පහල ඇති  මේ ලිංක් එකෙන් ඔයාට අවශ්‍ය උබුන්ටු සංස්කරණය තෝරා ගන්න පුළුවන්.




ලිනක්ස් මින්ට් ලබා ගන්නා ආකාරය…

පහල ඇති  මේ ලිංක් එකෙන් ඔයාට අවශ්‍ය ලිනක්ස් මින්ට් සංස්කරණය තෝරා ගන්න පුළුවන්.




ඉදිරි කටයුතු සදහා ඉහත ලින්ක් මගින් ඔබේ ඩිස්ට්‍රෝව ලබාගන්න.


5 comments:

Thank you for you comment