Thursday, October 5, 2017

Short intro about Virus (වයිරස් පිළිබඳව කෙටි හැදින්වීමක්...)



ඔයා පරිගණකයක් පාවිච්චියට ගන්නා අයෙක් නම් ඔයත් අනිවාර්යෙන්ම බයවෙන වචනයක් තමයි මේ වයිරස් කියන්නෙ.

ඇත්තටම මොකක්ද මේ වයිරස් කියන්නෙ...?

වයිරස් කියන්නේ විශබීජ , එහෙමත් නැත්නම් රෝග කාරක කියල කියන්නත් පුළුවන්.මොනවද මේ රෝගකාරක? පරිගණකයටත් ලෙඩ හැදෙනවද? අරකයි මේකයි කියල ප්‍රශ්න නම් තියෙන්න පුළුවන්. ඇත්තටම පරිගණක වයිරසයක් කියන්නේ කිසියම් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් හෝ යම්කිසි අරමුණක් සඳහා නිර්මාණය කරන ලද අතිශය විනාශකාරි පරිගණක වැඩසටහන් වර්ගයක් කියල පොඩි අදහසක් දෙන්න පුලුවන්.

වයිරස වර්ග මොනවාද...?

ඔව් ඔයා  Short Cut, Autorun, Trojan, Malware, Ransom වගෙ විවිද නම් වලින් එයාලව දන්නව. ප්‍රධාන වශයෙන් විනාශකාරි සහ රැවටිලිකාරී කියල වයිරස් වර්ග 02 ක් අපිට අදුරගන්න පුළුවන්.

1 - විනාශකාරි වයිරස…

            මේ වර්ගයට අයත් වයිරස මගින් සිදුකරන්නේ පරිගණකය පාවිච්චි කරන පුද්ගලයා සතු පුද්ගලික දත්ත සහ තොරතුරු සොරකම් කිරීමයි  ඒ වගේම තමයි මේ වයිරස් මගින් පරිගණකයේ මෘදුකාංග මෙන්ම දෘඪාංග වලටත් බොහෝ සේ හානිදායකයි. මේ වයිරස් වලින් පද්ධති ගොණු වෙනස් කිරීම, මැකීම, පුද්ගලික දත්ත සොරකම් කිරීම දි සිදුකරයි. Trojan, Malware, Ransom වගේ වයිරස් මේ කණ්ඩායමට අයත් වේ.

2 - රැවටිලිකාරී වයිරස…

            මේ වර්ගයට අයත් වයිරස මගින් සිදුකරන්නේ පරිගණකය පාවිච්චි කරන පුද්ගලයා මුලාවට පත්කිරීමයි. මේවාට ෆේක් වයිරස් එහෙමත් නැත්නම් prank වයිරස් කියලත් කියනව(prank virus). ඒ කියන්නේ මේවා වලින් ඔයාගෙ පරිගණකයට, ඔයාගෙ දත්ත වලට හානියක් කරන්නේ නෑ... ඒ උනාට මේ වර්ගයේ සමහරක් වයිරස් තියෙනව ඒ වයිරස් එක මගින් පරිගණකයට හානියක් සිදු නොකලත් user අතින් වයිරස් එකකට වඩා විනාශයක් පරිගණකයට සිදු කරගන්නා ආකාරයට සකස්කරල තියෙනව.

මේ වයිරස් පැතිරෙන්නේ  කොහොමද?

ඇත්තටම මේ වයිරස බොහොමයක්ම බලපාන්නේ  windows තියෙන  pc වලට තමයි. ප්‍රතිශතයක් විදියට ගත්තොත් ලංකාවේ නම් 99.9ක් දෙනා පාවිච්චි කරන්නේ  windows පරිගණක තමයි. අන්න ඒ නිසාම තමයි මේ වයිරස පැතිරීමත් ඉහල අගයක් ගන්නේ.

පරිගණකයට වයිරස් ආවම මොකද වෙන්නේ...?

ඔයාගෙන් මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඔයාට උනක්, හෙම්බිරිස්සාවක් එහෙම හැදිල තියෙනව නේද, ඉතින් ඔයා ඒ විදියට අසනීපෙන් ඉන්නකොට ඔයාට පුරුදු විදියට වැඩ කරගෙන යන්න බැහැ නේද,ඉතින් ඒ ලෙඩ නිසා ඔයාගෙ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා ඇතිවෙනව. අනේ ඉතින් පරිගණක වයිරස් එකත් කරන්නෙ ඔය වැඩේම තමයි. ඒ කියන්නෙ පරිගණකයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා ඇති කරන එක තමයි.

 ඉතින් මේ වයිරස් වලින් පරිගණකය ආරක්ශා කරගන්නේ කොහොමද...?


උත්තරය සරලයි.එක්කෝ ඔයා  windows වලට බායි කියන්න ඕන. නැත්තං pen වගේ Removable Device හොදට පරීක්ෂා කරල පාවිච්චි කරන්න ඕන. නැත්තං ඔයා දිනපතාම වගේ යාවත්කාලීන (upgrade) කරන virus guard එකක්  use කරන්න ඕන. දිනපතාම බැරිනම් අඩුමතරමෙන් මාසෙකට සැරයක්වත් ඔයා ඔයාගෙ වයිරස් ගාඩ් එක upgrade කරන එක අනිවාර්ය කාරණාවක්. ඒත් ලංකාවේ නම් බොහෝදුරට මේ දේ වෙනව නම් අඩුයි. බොහෝදුරට මේ එකක්වත් වෙන්නෙ නෑ කියල 200% ශුවර් කරල කියන්න උනත් පුළුවන්...


4 comments:

  1. histrya ehemath dapan
    good luck

    ReplyDelete
  2. comment ekata tnx.
    ow admin histry ekth dannam.

    ReplyDelete
  3. එළ එළ
    හුගක් වැදගත් කරුණු ඉස්සරහටත් දාපන් මචන්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම දාන්නම් tnx

      Delete

Thank you for you comment