Thursday, October 12, 2017

History of Virus part 01වයිරස ඉතිහාසය - 1 කොටස.


ඕනම ජාතියකට ඕනම රටකට ඉතිහාසයක් තියෙනව. ඉතින් ඒ වගේම තමයි මේ පරිගණක වයිරස් වලටත්. ඉතින් ඒකටත් ඉතිහාසයක් තියෙනව.

1981
ඇත්තටම පළවෙනි වයිරස් එක ගැන කතාකරනව නම් ඒක නිර්මාණය කරල තියෙන්නේ 1981 වර්ෂයේ තමයි. ඒකෙ නම තමයි Elk Cloner කියන්නෙ. මේ වයිරසය ඇපල් සමාගමට අයත් Floppy Disk දෙකක තමයි අන්තර්ගත කරල තිබිල තියෙන්නේ. මේ වයිරස් එක පරිගණකයකට ආසාදනය උනාම Display එකෙහි කවියක් display වෙලා තියෙනව. පරිගණකයේ ඇති දත්තවල පිටපත් ( clone ) සැකසීම තමයි මේ වයිරස් එකෙන් කරල තියෙන්නේ.

1983
ඒවගේම තමයි දෙවන වයිරස් එක ගැන සදහන්වෙලා තියෙනව ඊට අවුරුදු දෙකකට පස්සෙ, 1983 වර්ෂයේ . Unix මෙහෙයුම් පද්ධතිය මගින් ධාවනය වන VAX 11/750 කියන යන්ත්‍රය සඳහා ලියවුණු මේ වයිරස් එක නිර්මාණය කරල තියෙන්නේ  “Computer Viruses - Theory and Experiments” කියන අදහස මතයි. Fred Cohen writes කියන මේ වයිරසය නිර්මාණය කරල තියෙන්නේ Len Adelman coins ප්‍රමුඛ එයාගේ කණ්ඩායම තමයි.

1986
1986 වර්ෂයේ නිර්මාණය කරපු තවත් වයිරස් දෙකක් ගැන තොරතුරු හමුවෙනව, එකක් තමයි Ralf Burger කියන පුද්ගලය විසින් නිර්මාණය කරන ලද Virdem කියන වයිරස් එක. මේ වයිරස් එක කරල තියෙන්නේ වයිරස් එකේම පිටපත් නිර්මාණය කිරීමයි.
අනිත් වයිරස් එක ගැන කියනව නම් ඒක නිර්මාණය කරල තියෙන්නේ Basit සහ Amjad කියන පුද්ගලයින් දෙදෙනා විසිනුයි. මේක exe වර්ගයේ වයිරස් එකක් කියල තමයි සඳහන් වෙන්නේ. Floppy Disk හරහා වේගයෙන් පැතිරුණු මේ වයිරස් එක Boot Sector එක ඇතුලෙ exe code එකක්  නිර්මාණය කරගෙන තමයි වයාප්තවෙලා තියෙන්නේ.

1987
1987 වර්ෂය ගැන කියනව නම් 87 දීත් වයිරස කිහිපයක් පිළිබඳව සඳහන් වෙනව. A PC support lady at the University of Delaware කියන label එකෙන් යුත් floppy disk එකක් තුල මේ වයිරස් එක තිබිල තියෙනව. මේ වයිරසය නම්කරල තියෙන්නේ  Brain Virus කියන නමින් තමයි. මේ වයිරස් එක මගින් කරල තියෙන්නේ Disk තුල ඒ නමින් volume සෑදීමයි.
Leigh (Jerusalem), Suriv 01 සහ 02 යන නමින් තවත් වයිරස් දෙකක්  මෙම වර්ෂයේදී ම නිර්මාණය කරල තියෙනව. මෙය COM files වලට තමයි ආසාදනය වෙලා තියෙන්නේ.

IBM Christmas Worm කියන නමින් IBM පරිගණක සදහා තවත් වයිරසයක් නිර්මාණය කරල තියෙනව මේ වයිරස් එක පැයක් ඇතුලත මිලියන වාරයක් වයාප්තවෙලා තියෙනව.

Stoned  නම් වූ මේ වයිරස් එක ආසාදනය වූ විට “Your PC is now stoned” යනුවෙන් පණිවිඩයක් ලබා දී ඇත. මෙය නවසීලන්තයේ Wellington විද්‍යාලය තුල වයාප්තවී ඇත.


1988
මේ වර්ෂයේ දීත් වයිරස දෙකක් නිර්මාණය කරල තියෙනව. එකක් තමයි Macintosh machines සඳහා බලපාන HyperCard virus එකක් MacMeg නමින් නිර්මාණය කරල තියෙනව.

ඒවගේම තමයි පලමු  Internet Worm එකත් මේ වර්ෂයේදී තමයි නිර්මාණය කරල තියෙන්නේ. මේ worm එකෙක් කරල තියෙන්නේ අන්තර්ජාලය හා සම්බන්ධව පැවති පරිගණක ක්‍රියාවිරහිත (shutdown) කිරීමයි.


1989
Aids Trojan නමින් ට්‍රොජන් වයිරස් එකක් නිර්මාණය කරල තියෙනව. Aids Trojan මගින් පරිගණක ශේත්‍රය වෙත විශාල බලපෑමක් සිදුකරන ලදි. මෙය hard drive encrypts (කේතකරන) වර්ගයේ වයිරස් එකකි. මෙය ආසාදනය වූ විට හාඩ් ඩිස්කය තුල වූ දත්ත කේතකරනය වන අතර මොවුන්හට මුදල්ගෙවා විකේතකරන අංකය (decryption key) ලබාගැනීමට සිදුවිය.

IBM පරිගණක සඳහා නිර්මාණය කල තවත් වයිරසයක් ලෙස Datacrime වයිරසය දැක්විය හැකිය. මෙය 13 වන සිකුරාදා දින ක්‍රියාත්මක විනි.


1990
Mark Ludwig නැමැති ලේඛකයා විසින් 1990 වර්ශයේදී “The Little Black Book of Computer Viruses” නමින් පොතක් එළිදැක්වූ අතර එහි වයිරස වැඩසටහන් නිර්මාණය පිළිබඳව සඳහන් වී ඇත.



2 comments:

Thank you for you comment