Thursday, October 5, 2017

Check your Virus Guarfdd (ඔයාගෙ වයිරස් ගාඩ් එක පරික්ශා කරමු...)


වින්ඩොස් පරිගණක පාවිච්චි කරන පරිශීලකයන් බොහොමයක් දෙනා  බයවෙන වචනයක් තමයි මේ වයිරස් කියන්නේ. ඉතින් ඒ හුගක් අය  ඒ වයිරස් වලින් ආරක්ශා වෙන්න වයිරස් ගාඩ් එහෙමත් පාවිච්චි කරනව කියල අපි දන්නවනෙ. ඉතින් ඔයා ඒ පාවිච්චි කරන වයිරස් ගාඩ් එක හරියට වැඩකරනවද නැද්ද කියල බලාගන්න තියෙනව නම් ඒක තවත් හොදයිනෙ. එහෙම නේද. ඉතින් මේ ලිපියෙන් අරගෙන ආවේ ඔයාගෙ පරිගණකයේ තියෙන වයිරස් ගාඩ් එක වැඩකරනවද නැද්ද කියල බලාගන්න පොඩි උපක්‍රමයක්.

එහෙනම් අපි වැඩේට බහිමු

මේ වැඩේට මම භාවිතා කරන්නේ අපි කවුරුත් හොදින්ම අදුරන නෝට් පෑඩ් එක ම තමයි.

* මුලින් ම Note Pad එක ඕපන් කරගන්න ඕන.

* දැන් පල්ලෙහා කහපාටින් හයිලයිට් කරල තියෙන කෝඩ් එක copy කරන් Note Pad වලට past කරගන්නකො.

X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

* දැන් එක lookayoo.vbs කියල පරිගණකයේ සේව් කරගන්න ඕන… මතක ඇතුව File Type එක දෙනකොට All Files දෙන්න අමතක කරන්න එපා...



ඔයා පාවිච්චි කරන වයිරස් ගාඩ් එක හරියට වැඩ කරනව නම් පහත පරිදි ඔබේ වයිරස් ගාඩ් එකෙනුත් පණිවිඩයක් එන්න ඕනෙ.

මෙතනදී මම භාවිතා කරන්නේ වින්ඩොස්  7 මෙහෙයුම් පද්දතිය සහ ඒ සමග එන වින්ඩොස් ඩිෆෙන්ඩර් කියන වයිරස ආරක්ෂක මෘදුකාංගයයි.
බොහෝ අය භාවිතා නොකර මේ ඩිෆෙන්ඩරයාගෙන් කැස්පරයාට වඩා වැඩගත හැකිබව බොහෝ දෙනා නොදන්නා බව රහසක් නොවේ



ඇත්තටම වයිරස් එකක් රන් උනොත් හරි ගාඩ් එකෙන් ස්කෑක් කලොත් හරි විතරයි වයිරස් ගාඩ් එකකට ඒක වයිරස් එකක්ද,නැද්ද කියල අදුරගන්න පුළුවන් වෙන්නේ.
ඇත්තම කීවොත් මම මේ දීල තියෙන කෝඩ් එක පරිගණකයේ රන්උනා කියල හරි රන්කලා කියල කිසිම ගැටළුවක් වෙන්නේ නෑ. මොකද ඒකෙන් පරිගණකයට කිසිම හානියක් වෙන්නේ නෑ. පුද්ගලිකව මමත් මේ කෝඩ් එක මගේ පරිගණකයේ කිහිප වතාවක් ම රන් කරවල තියෙනව. උඩ තියෙන පිංතූරය බලන්නකෝ...





1 comment:

Thank you for you comment