Thursday, October 12, 2017

How to Hidden your Hard disk



මේ ලිපියෙන් ඔයාට අරගෙන ආවේ වින්ඩොස් මෙහෙයුම් පද්දතියක් යටතේ දී Command Prompt එක භාවිත කරල කොහොමද පාටිශන් එකක් සගවන්නේ (Hidden) කියන එක ගැනයි.

ඇත්තම කියුවොත් මේක ගොඩක් ලේසි වැඩක්. මේක දන්න අයත් ඇති. ඔන්න බලන්නකෝ කරන විදිය.

මුලින් කියන්න ඕන මේ ක්‍රමය ඕනම වින්ඩොස් මෙහෙයුම් පද්දතියක් සදහා අදාල වෙනව. ඔයා යූස් කරන්නෙ වින්ඩොස්  XP නම් start ක්ලික් කරල run යන්න. වින්ඩොස් 7 - 10 වගේ නම් start මෙනු එකේ run කියල ටයිප් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඕනම වින්ඩොස් එකක වින්ඩොස් කී එක ඔබාගෙන ම R අකුර ප්‍රෙස් කරන්න. එතකොටත් run එක ඕපන් කරගන්න පුළුවන්.

දැන් run එකේ cmd කියල ටයිප් කරල එන්ටර් බටන් එක ප්‍රෙස් කරන්න.

Command Prompt එක ඔපන් වුනා නේද…? එහෙනම් දැන් diskpart කියල ටයිප් කරල enter කරන්න. එතකොට පහල රූපයේ විදියට diskpart ඔපන් වෙලා තියෙයි.



ඊලගට Hard Drive Partition ටික list කරල බලන්න.

list volume කියල type කරල enter කරන්න.



දැන් Hidden කරන්න අවශ්‍ය Partition එකේ අකුර බලන්න. මම මෙතන ගන්නවා G කියල තියෙන පාටිශන් එක...
G කියන පාටිශන් එක තෝරා ගන්න අපිට මෙහෙම ටයිප් කරන්න වෙනව.

select volume 4 කියල type කරල enter කරන්න.

අනිවාරෙන් ම මතක තියාගන්න මෙතන ඔයාට හයිඩ් කරන්න ඕන වොලිම් එක ඒ කියන්නෙ Hidden කරන පාටිශන් එකේ එකේ අකුරට අදාල අංකය දෙන්න වෙනව.
මෙහි volume 4 කියන්නේ මම තෝර ගත්ත පාටිශන් එකේ  අකුරට අදාල පාටිශන් එකේ අංකයයි.



දැන් ඉතින් Hidden කරමු. මෙන්න මේක ගහන්නකෝ.

remove letter G කියල type කරල enter කරන්න.



වැඩේ හරිනම් උඩ තියෙන රූපයේ විදියට DiskPart successfully removed the drive letter or mount point කියල මැසේජ් එකක් පෙන්නයි.

දැන් my computer / computer විවෘත කරල බලන්න. ඒ ඩ්‍රයිව් එක අතුරුදහන්වෙලා තියෙයි  ;D

වැඩේ හරි නේද... ;D

දැන් ඉතින් හැංගුව වගේම අයේ පෙන්වන්නත් ඕනෙනේ…
ඉතින් ඒකටත් කලින් කියපු විදියට ම G පාටිශන් එක , නැත්නම් G ඩ්‍රයිව් එක තෝරන්න.

assign letter G කියල type කරල enter කරන්න.

එතකොට Partition එක තිබුන වගේම පෙන්වනවා.



වැඩේ හරිනම් උඩ තියෙන රූපයේ විදියට DiskPart successfully assigned the drive letter or mount point කියල මැසේජ් එකක් පෙන්නයි.

කැමතිනම් දැන් my computer / computer විවෘත කරල බලන්න.ඒ ඩ්‍රයිව් එක තියෙයි  ;D


සැලකිය යුතුයි -

සිස්ටම් එක මගින් භාවිතා කරණු ලබන C ඩ්‍රයිව් එක , පේජ් ෆයිල් සදහා ලබා දී ඇති පාටිශන් ,සහ  හා සමාන  රිමූවබල් ඩිවයිස් මෙහිදී යොදාගත නොහැකිය.

6 comments:

Thank you for you comment